Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ට්‍රාන්ස්ෆෝමර පිපිරීම් විමර්ශනයට විදේශ විශේෂඥයින්

කොටුගොඩ විදුලඋපපොළෙහි ට්‍රාන්ස්ෆෝමරයක ඊයේ සිදුවූ හදිසි පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරෙනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝ...

කොටුගොඩ විදුලඋපපොළෙහි ට්‍රාන්ස්ෆෝමරයක ඊයේ සිදුවූ හදිසි පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරෙනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

මෙම සිදුවීම් විමර්ශනයට සහ විනාශයට පත්වූ යන්ත්‍ර අලූත්වැඩියාවට විදේශීය විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමය පවසන්නේ පාලනාධිකාරියේ සියලූදෙනා මෙම පිපිරීමේ සිදුවීම් හා විදුලි බිඳවැටීම් වල වගකීම භාරගෙන, සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

ඊයේ කොටුගොඩ විදුලි උපපොළෙහි ට්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුවූයේ එයට හමුදා ආරක්ෂාව පවා සපයා තිබියදී ය.

No comments