Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද ඇතුළු පිරිසට විනය පරීක්‍ෂණ

17දා හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ 'ජන සටන' මහා රැලියට සහභාගි වූ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්...

17දා හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ 'ජන සටන' මහා රැලියට සහභාගි වූ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු තිස්‌හත් දෙනාට එරෙහිව පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, පක්‍ෂයේ අවසරයකින් තොරව හයිඩ් පිටියේ පැවති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ සහභාගිවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි.

ඔහු මෙසේ ද පැවසීය.

''ඒ විතරක්‌ නෙමේ පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වන මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දු තීරණ අභියෝගයට ලක්‌ කිරීමක්‌ වෙනවා. මෙමගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කීර්ති නාමයට සහ අභිමානයට විශාල කැළලක්‌ සිදු වී තිබෙනවා.

මේ නිසා හයිඩ් පිටියේ රැස්‌වීමට අදාළ සත්‍ය තොරතුරු සියල්ල නිවැරැදිව අධ්‍යයනය කර පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීම සහ ආරක්‍ෂා කිරීම අපේ වගකීමක්‌. එම වගකීම අපි නිවැරැදිව ඉටුකරනවා. පක්‍ෂය කඩන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ ''යෑයි ද ඇමැතිවරයා පැවසීය.

එජාප විරෝධී රැළියක් :

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුයේ, 17 දා රැලිය ශ්‍රීලනිපයට හෝ එහි වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පැවත්වුවක් නොව, එක්සත් ජාතික පක්ෂයට හා එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සංවිධානය කල විරෝධතාවයක් බවයි.

එම රැලියේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිසිවකු ශ්‍රීලනිපයට හෝ එහි නායකයාට එරෙහිව කිසිඳු ප්‍රකාශයක් නොකළ බවද ඔහු කියා සිටියේය.

මෙම රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 37 දෙනෙකු සහභාගී වූ බවත්, පක්ෂයේ ජ්‍යෙෂඨ උප සභාපතිවරුන් 05 දෙනාගෙන් 03 දෙනෙකු හා උප සභාපතිවරුන් 08 දෙනා ගෙන් 04 දෙනෙකු ඒ අතර වූ බවත් වූ බවත් පැවසු අලහප්පෙරුම මන්ත්‍රීවරයා, පළාත් සභා මන්ත්‍රීවරු 417 දෙනාගෙන් 284 දෙනකු ද පළාත් පාලන මන්ත්‍රීවරුන් 2611 න් 1484 දෙනෙක්‌ සහභාගි වූ බැවින් විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් ඔවුන් සියලු දෙනාට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපීමට සිදුවනු ඇතැයි කීය.

එහෙයින් නිලධාරීන් කුමක් පැවසුවද, එජාපයට එරෙහිව රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් හෝ ඊට සහභාගිවූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පරිනත දේශපාලනඥයකු වන ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම නිසා දැන්වත් බුද්ධිමත්ව හා පරිනතව පක්‍ෂය තුළ මතවාදී ගැටුමක්‌ තිබෙන බවට තේරුම් ගෙන එම ගැටලුවට විසඳුම් සෙවීමට කටයුතු කරනවා විනා එජාප උවමනාවන් ඉටුකරමින් පක්‍ෂය කැඩීමට සූදානම් නොවන ලෙස ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා පැවසීය.

No comments