Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පුතා රාජකීයට දැම්මෙ කොහොමද ඇහුවාම නයනා රත් වෙයි

කොහොමද, මේ දවස්වල ජීවිතේ? අවුරුද්ද නිසා ඒ වැඩත් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නෙ. කාලෙකින් අවුරුද්ද ගෙදර ඉඳගෙන සැමරුවා. මං හිතන්නෙ අවුරුදු හත...


කොහොමද, මේ දවස්වල ජීවිතේ?

අවුරුද්ද නිසා ඒ වැඩත් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නෙ. කාලෙකින් අවුරුද්ද ගෙදර ඉඳගෙන සැමරුවා. මං හිතන්නෙ අවුරුදු හත අටකට විතර පස්සෙ තමයි ගෙදර හදපු කැවුමක රස බැලූවෙ. අවුරුදු ගාණකින් බොහොම සතුටින් අවුරුද්ද වින්දා.

ඔබටත් කටකතා කියන දේවල් ආගන්තුක නැහැ. පසුගිය කාලය පුරාම වරින් වර ඔබ පිළිබඳ විවිධ කතා පැතිරෙන්න ගත්තා?

අනේ ඔය වගේ දේවල් මම ගණන් ගන්නෙ නැහැ. ඔය වගේ කතා පතුරවන්නෙ මානසික ලෙඞ්ඩු. කොහොමත් ඔය දේවල් ගැන හිතන්න මට වෙලාවක් නැහැ.

දේශපාලන හිතවතකු සමඟ පවතින අනිසි සබඳතාවක් නිසා ළඟදි දවසක පුතාව රාජකීය විද්‍යාලයට ඇතුළත් කළා කියලා පැතිරෙන කතාවෙ සත්‍යයක් නැද්ද?

කොහෙත්ම ඔය කතාවලට උත්තර බඳින්න මට අවශ්‍යතාවක් නැහැ. ඇරත් මගේ පුතා රාජකීය විද්‍යාලයට ඇතුළු කරන්නෙ 1 වසරෙදි. දැන් පුතා ඉන්නෙ 6 වසරෙ.

ඒත් ඊයේ පෙරේදා ආයෙමත් මැති සබයේ ඉන්න ප‍්‍රබල චරිත දෙකක් ඔබ ගැන පාර්ලිමේන්තුවෙදිත් කතා කළාලූ. කතාවෙ හැටියට නම් දෙන්නම ඔබට පෙම් කරලා?

මං වතාවකුත් කිව්වනෙ.  ඕප ¥ප වෙනුවෙන් වෙන් කරන්න මට කාලයක් නැහැ. ඇරත් මාධ්‍ය හසුරුවන අයට වසර විසිපහක් ක්ෂේත‍්‍රයේ හිටපු මගෙත් එක්ක කතා කරන්න වෙන මොනවත්ම නැද්ද?

No comments