Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොළොන්නාව නැගිට්ටන්න මරික්කාර් උදව් ඉල්ලයි

මේ වන විට කොළොන්නාව ප්‍රදේශයේ අවතැන් වූ පවුල් සීයට අනූවක් පමණ නැවත සිය වාසස්ථාන කරා පැමිණ ඔවුන්ගේ නිවාස ශුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවල නිර...

මේ වන විට කොළොන්නාව ප්‍රදේශයේ අවතැන් වූ පවුල් සීයට අනූවක් පමණ නැවත සිය වාසස්ථාන කරා පැමිණ ඔවුන්ගේ නිවාස ශුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවල නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබේ.

පිරිසිදු කිරීම් නිසා කොළොන්නාවේ ගංවතුරට ලක්වූ ප්‍රදේශ වලින් කසල විශාල ප්‍රමාණයක් එක්‍ රැස් වන බවත් දැනට කසළ බැහැර කිරීමට පවතින වාහන වල හිඟයක් පවතින බවත් ඔහු මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මැසි මදුරු තර්ජන සහ සෞඛ්‍යය ගැටලු මතු වීමේ අවදානමක් පවතින බවයි ඔහු පවසන්නේ.

පීඩාවට පත් වූ ජනතාව මේ හේතුවෙන් තවත් පීඩාවට පත්ව ඇති බවත් කුණු කසල ඉවත් කිරීම සඳහා ඔවුන් සතු රථ මැයි (31) දින උදෑසන ලබාදෙන ලෙසත් ඔහු සියලුම පළාත් පාලන ආයතන වලින් ඉල්ලා සිටී.

කොළොන්නාව ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය - 0112572281, 0714397024
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ කාර්යාලය - 0112533169, 0773632025

No comments