Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන පරිපාලන විවෘත තරඟ විභාගය ගංවතුරේ හෝ පවත්වයිද?

පැවතුණු අයහපත් කාලගුණික තත්ත්වය නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තව දුරටත් නරක අතට හැරෙමින් පවතින මොහොතක මේ සති අන්තයේ විභාග දෙපාර්තමේන්ත...

පැවතුණු අයහපත් කාලගුණික තත්ත්වය නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තව දුරටත් නරක අතට හැරෙමින් පවතින මොහොතක මේ සති අන්තයේ විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන පරිපාලන විවෘත තරඟ විභාගයට හෙට(29) දිනයේ නිශ්චිතවම පැවැත් වෙන්නේ දැයි අයදුම් කරුවන් විමසා සිටිනවා.

සියලුම විභාග මධ්‍යස්ථාන කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන බැවින් දිවයිනේ නන් දෙසින් කොළඹට පැමිණීමට සිදු වූ අයදුම් කරුවන් ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට විභාගය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති බවත් මෙම තත්ත්වය හමුවේ අවශ්‍ය පියවර නොගෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තවමත් ‍මුණිවත රැකීම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගය පවත්වන්නේ දිස්තික්ක 22ක් මුහුණ දුන් ව්‍යසනයට සතියක් වැනි කාලයක් වද්දී වීම ද බරපතල තත්තවයකි. මැතිවරණ වෙනුවෙන් උසස් පෙළ පවා කල්දැමූ විභාග දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂකයින්ට අවස්ථාවක් නොදීම  ගැටළුවක් වේ.

No comments