Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද අගමැතිකම භාරගත්තේ රට බේරා ගන්නයි

පොදුජන පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම කොස්ගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ 'එළිය' සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්‍ෂක ල...

පොදුජන පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම කොස්ගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ 'එළිය' සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙසේ පැවැසීය.

එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිහි කිරීමට මූලිකත්වය ගත්තේ විජාතිකයන්. ඒ විජාතික බලවේගවල න්‍යායපත්‍ර අප රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමා ඒ ආණ්ඩුව බිහි කරලීමට ක්‍රියා කළේ. ඒ ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ සිට ඒ විජාතික බලවේග, විශේෂයෙන් බටහිර විජාතික බලවේග හැසිරුණු ආකාරය දෙස බැලූ විට අපිට හොඳින්ම පෙනෙනවා පසුගිය කාලයේ තිබුණේ කාට වුවමනා විදියේ පාලනයක්ද කියලා.

ඔබ සියලු දෙනා දන්නවා පසුගිය වික්‍රමසිංහ ආණ්ඩුව අපේ රටේ සම්පත් කොහොමද විජාතිකයන්ට විකුණුවේ කියලා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරාය, කන්කසන්තුරේ වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි, හෝටල්, රාජ්‍ය බැංකු මෙන්ම රටේ මහාමාර්ග පද්ධතිය සමාගමක් ලෙස සකස් කොට විජාතිකයන්ට ලබාදීමට කර තිබූ සැලසුම් පිළිබඳ මේ වන විට අප සැම දැනුවත්ව තිබෙනවා. ඒ වගේම රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් ගණනාවක්ම පසුගිය ආණ්ඩුව ඇති කරන්නට සූදානම්ව සිටියා.

ඒ වගේම ආණ්ඩුව රණවිරු දඩයම ආරම්භ කරමින්, ජිනීවා ගිවිසුමට සම අනුග්‍රාහකයන් ලෙස අස්සන් කිරීමටත් කටයුතු කර තිබුණා. අපේ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ලේ මස් ඇට මිඳුළු පරිත්‍යාග කළ රණවිරුවන් යුද්ධාධිකරණයට රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියා. ඒ වගේම අතුරුදන්වීමේ කාර්යාංශ පනත මෙන්ම බලහත්කාරයෙන් අතුරුදන්වීමේ ජාත්‍යන්තර ප්‍රඥපත්තිය පිළිබඳ පනත ආදිය බලාත්මක කිරීමට කටයුතු කිරීම මඟින් අපේ රණවිරුවන් රටින් පිටුවහල් කිරීම වැනි කටයුතු කිරීමට කටයුතු කරමින් සිටියා.

එම ආණ්ඩු සමයේ අපේ රටේ ආර්ථිකය විශාල ලෙස පිරිහීමකට ලක්වුණා. ඩොලරයට සාපේක්‍ෂව ඉතා වේගයෙන් අපේ රටේ රුපියලයෙහි වටිනාකම පහළ බැසීම, ජීවන වියදම ඉහළ යෑම, විරැකියාව ඉහළ යෑම සංවර්ධනය අඩාල වීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ඒ අයුරින් තවත් වසර එකහමාරක් අපේ රටට ඉදිරියට යා හැකි තත්ත්වයක් තිබුණා දැයි සිතා බැලීමට සිදු වෙනවා.

මා දකින අභාග්‍යතම සිද්ධිය වන්නේ එම ආණ්ඩුව ගෙන ඒමට සැරසුණු නව ව්‍යවස්ථාව හරහා අපේ රටේ තිබූ ඒකීයභාවය නැති වී ගොස් ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වෙන්නට තිබූ අවස්ථාවයි. එම ව්‍යවස්ථාවේ එක් යෝජනාවක් තිබුණා රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයා පත්කර ගැනීමට. එම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා බලරහිතයි. පාර්ලිමේන්තුව බලරහිතයි. එයට ඉහළින් සෙනට් සභාවක් තියෙනවා. ඒ වටා වැඩි බලයක් සහිත පළාත් සභා නවයක් තිබෙනවා. එවැනි ව්‍යුහයක් යටතේ අපේ රට කොතරම් අවුලකට පත්වීමට ඉඩ තිබුණා දැයි සිතා ගත නොහැකිද?

අද ජනතාව වෙනුවෙන් ජනතාව සඳහා ආණ්ඩුවක් පත්කර ගැනීමට මහ මැතිවරණයක් පවත්වන්නට සූදානම් වූ විට එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් ලෙස දක්වනවා. එහෙම නැත්නම් ඒ අය හිතනවා ඇති රනිල් වික්‍රමසිංහ කරන ආණ්ඩු තුළ පමණයි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අය මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ අර්ථයත් වෙනස් කරලා.

එදා ඉදිරිපත් කරපු යහපාලන කතා නිසා රැවටිලා එදා තිබුණු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමුවා. එදා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික සැලැස්ම සහ සංවර්ධන යෝජනා ක්‍රම සම්පූර්ණයෙන්ම නැවතුණා. එදා අපි ගෙන ගිය කර්මාන්ත නඟා සිටුවීමේ සැලසුම් මෙන්ම දේශීය ව්‍යාපාරිකයා නඟා සිටුවීමේ සැලසුම් පවා අද ඇනහිටලා. තමුන්නාන්සේලා දන්නවා අපේ රටේ දේශීය ව්‍යාපාරවලට, ව්‍යාපාරිකයන්ට ඇතිවූ තත්ත්වය ගැන. එදා ගොවිතැනට, ගොවි මහත්වරුන්ට ලබාදීපු සහන කොපමණද. ඒ සියල්ලත් නැති වුණා.

ඒ නිසා සුළු සුළු කාරණා දිහා බලලා යළිත් තීරණ ගන්න එපා. අපි ළඟා කර ගත යුතු ඉලක්ක කරා යන්න තිබෙන මාර්ගය හැමදාම රෝස මල් යහනාවක් හරහා වැටිලා නැහැ. යළිත් ඒ ඉලක්ක කරා යෑමට අපි සැවොම එක්වී කටයුතු කළ යුතුව තිබෙනවා.

No comments