Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බැංකු ගිණුමකට මුදල් දැමූ පසු ගණිකාවන් සපයන ජාවාරමක්

දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසු ගණිකාවන් සපයන සංවිධානාත්මක ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ එම...

දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසු ගණිකාවන් සපයන සංවිධානාත්මක ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ එම ඇණවුම් අනුව ගණිකා වෘත්තියේ යෙදීමට සූදානම්ව සිටි රූමත් තරුණියන් දෙදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් දහතුන්දෙනෙක් විසින් අත්ඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදුව රාජපක්ෂ පුරයේ පදිංචි චමින්ද අප්පුහාමි නමැත්තෙකි.

මෙම ගණිකා ජාවාරම දුරකථන මඟින් සිදු කරමින් ත්‍රිරෝද රථ මඟින් ගණිකාවන් අවශ්‍ය පුද්ගලයාට අදාළ ස්ථානයට ගෙන ගොස් ලබාදීම සිදු කරයි. එක් ගණිකාවක් සඳහා රු. 3,500ක් ගෙවිය යුතුය. අත්අඩංගුවට ගත් ගණිකාවන් 18 වැනි වියේ පසු වන රූමත් තරුණියන්ය. එම දෙදෙනා සීදුව සහ කොළඹ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

No comments