Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අගමැති අපේක්‍ෂක මමයි.. නෑ මමයි.. රනිල් - සජිත් මාරක සටන ඇරඹේ

‘එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක මමයි’ එම පක්‍ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන් විසින් පව...

‘එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක මමයි’ එම පක්‍ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන් විසින් පවත්වාගෙ යනු ලබන ෆේස්බුක් පිටු ඔස්සේ වාර්තා පල කරමින් ඇත.

මේ අතර අරලිගහ මන්දිරයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරි මැතිවරණය මෙහෙයවීම කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ සිදු නොවිය යුතු බවට දැඩි සංවාදයක් ඇතිව තිබෙන බවයි.

වික‍්‍රමසිංහ මහතා කිසිසේත්ම පක්‍ෂය දිනවිය හැකි නායකයෙකු නොවන බවත් ඔහු වහාම නායකත්වයෙන් ඉවත් විය යුතු බවටත් පිරිසක් කියා සිටිති.

තවත් පිරිසක අදහස වී ඇත්තේ පක්‍ෂ නායකත්වයේ රනිල් වික‍්‍රමසිංහ මහතා සිටියදී අගමැති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත් මේ කිසිදු යෝජානාවකට රනිල් වික‍්‍රමසිංහ මහතා එකගතාවය මෙතෙක් පල කර නැති අතර ඔහු තව දුරටත් උත්සාහ කරන්නේ පක්‍ෂ නායකත්වයේ හා අගමැති අපේක්‍ෂකත්වය යන දෙකේම රැදී සිටීමටයි.

No comments