Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මේ අන්තිම උත්සාහය වැරදුනොත් කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා..

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙ...

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ දරුණු ආර්ථික පරිහානිය නතරකරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට රට බාරදුන් බවත් කී අගමැතිවරයා මේ මොහොතේදී තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් බැවින් බිඳවැටීමේ ප‍්‍රවණතාවයන් මාසයෙන් දෙකෙන් නිවැරදි තත්ත්වයට හැරවිය නොහැකි යැයි කීය.

කොළඹ, මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී ඊයේ (25) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප‍්‍රකාශය සිදුකළේය.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මේ මොහොතේදී ආර්ථික ප‍්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකිරීම් කළ යුතු බවත් කී අගමැතිවරයා ජනතාව මත බදු පටවමින් මැති ඇමැතිවරුන්ට අධික වියදම් කළ එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රමය නතර කරන බවද පැවසීය.

එබැවින් යුද්ධය අවසන් කිරීමට තමන්ට සහය දුන්නාක්මෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම සඳහා තමන්ට මේ මොහොතේදී සහය ලබාදෙන ලෙසත්, මෙම අවස්ථාව මඟ හැරුණහොත් ග‍්‍රීසියට සිදුවූ දෙයම අප රටටත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments