Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පර්පල් රේන්ජ් හැර යන චාමර කියන කතාව...

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. සිය නිල ෆේස්බුක් පිටුවේ...

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් තමන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස තවදුරටත් නොසිටින බව චාමර සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ලැබෙන ඇරයුම් මත පමණක් ඉදිරියේදීත් පර්පල් රේන්ජ් වේදිකාවට පැමිණෙන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

චාමර ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්.

"මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය ඇතුලු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලුම ශිල්පීන් මට මෙතෙක් දුර එන්නට ශක්තියක් උනා කියනඑක".


"නායකකමට එහාගිය නිහතමානී සහෝදරකම සේනක අයියතුල මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇතිඋනත් කණ්ඩායම සමග ඉදිරියට ආවේ.ඒත් එකදිගට සිද්දවෙන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් උනේ".

"ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රාසංග පවත්වද්දී මා බලාපොරොත්තුව පැමිණෙන රසිකයින් මම ඒ ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් මට දුරකථන ඇමතුම් ලබා දී

"චාමර ඇයි ශෝවලට පොලු තියෙන්නේ .චාමර කැත වැඩ කරන්න එපා"

"මේ වගේ ගොඩක් දේවල් මට අහන්නට උනා .ඒත් ඒ දේවල් ඉවසගෙන මම දැනුවත් කල ප්‍රසංග සඳහා පමණක් පර්පල් රේන්ජ් සමග මම ගීත ගායනාකලා. ඒ අවස්ථාවලදී ඒ වරද මා පිටට පැටවෙන්නේමා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ප්‍රාසංගය පැවැත්වූ වග රසිකයන් නොදන්න නිසයි".

"ඒ වගේම කියන්න ඕන යම් යම් හේතු සාදක නිසා පර්පල් රේන්ජ් තුලින් ඉවත්ව ගිය කිසිවකු නිසා මා මේ තීරණය නොගත් බවත්...මින්පසු මා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමග ගීත ගායන කරන බව ආදරණීය රසික ඔබ සැම දැනුවත්ව කරන්න කැමතියි. හිත් රිදීමක් උනනාම් හැමොගෙන්ම හිස නමා සමව ඉල්ලනවා. තෙරුවන්සරණයි".

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධාකාර රසික ප්‍රතිචාර චාමරට ලැබී තිබුණි.

No comments