Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අස්ථානගත වූ දුරකථන ගැන කියන්න පොලිසියෙන් අලුත් වෙබ් අඩවියක්

ජංගම දුරකථන අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට ඊට අදාළ පැමිණිලි ක්‍ෂණිකව ඉදිරිපත් කිරීම සඳහා නව වෙබ් අඩවියක් ඊයේ (11දා) දින සිට හඳුන්වා දුන...

ජංගම දුරකථන අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට ඊට අදාළ පැමිණිලි ක්‍ෂණිකව ඉදිරිපත් කිරීම සඳහා නව වෙබ් අඩවියක් ඊයේ (11දා) දින සිට හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

www.ineed.police.lk යන එම නව වෙබ් අඩවියට පිවිස මේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එලෙස ලද පැමිණිල්ල පසුව අදාළ පොලිස් ස්ථානයටත්, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටත් සහ අදාළ දුරකථන සමාගමටත් දැනුම් දෙන බවද හෙතෙම කියා සිටී.

එමෙන්ම පැමිණිල්ල සිදු කළ අවස්ථාවේ සිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා අදාළ දුරකථන සමාගම් (Mobitel, Dialog, Airtel, Etisalat, Hutch) හා සම්බන්ධ වී විමර්ශන කටයුතු වල අවසානය දක්වා තොරතුරු පරිගණක පද්ධතිය මගින් යථාවත් වේ. මේ අයුරින් තොරතුරු යථාවත් වීම හේතුවෙන් පැමිණිලිකරුවකු සිදුකරන පැමිණිල්ලක වර්තමාන ප්‍රගතිය නව පරිගණක පද්ධතිය ඔස්සේ පැමිණිලිකරුවන්ට නිරීක්ෂණය කිරීමටද, හැකියාව ඇත.

තවද, යම් පුද්ගලයෙකු දුරකථනයක් මිලදී ගැනීමේදී එම දුරකථනය අව්‍යාජ දුරකථනයක් දැයි පරිගණක පද්ධතිය ඔස්සේ පරික්ෂා කර බැලීමේ පහසුකම් සලසා ඇත.

මෙරට තුළ මේ වන විට ජංගම දුරකථන මිලියන 24ක් පමණ භාවිත වන බවත් දිනකට ජංගම දුරකථන 800 - 1000ත් අතර අස්ථාන ගතවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි පොලිසි වෙත ලැබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments