Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනාධිපති දියතලාවේ යයි... රනිල්ගේ දිව්රුම ප්‍රමාදවන ලකුණු !

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම්දීම තවදුරටත් පමාවීමේ ඉඩක...

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම්දීම තවදුරටත් පමාවීමේ ඉඩක් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (15) පෙරවරුවේ දියතලාව හමුදා කඳවුරේ පැවැත්වෙන විශේෂ උත්සවයකට සහභාගී වන නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම්දීම තවත් ප්‍රමදවනු ඇතැයි ජනාධිපති කාර්යාල නිලධාරියකු සඳහන් කළේය.

No comments