Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපති අනුමැතියෙන් එක්දින පිලේ නායකත්වය මාලිංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.

17 දෙනෙකුගේ යුත් සංචිතයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.

ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නව තේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබේ. සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

No comments