Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රනිල් මාවත් විනාශ කළා, රනිල් කරුමය නැති කරන්න අපි පින් කරමු - ජනපති

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්. ජන...

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමට එක්වෙමින්.

මම ගැසට් නිවේද පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා. රනිල් විකමසිංහ මහතා ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල්දාන්න, පාර්ලිමේන්තුව විසුරුවාහරින්න මම විධායක බලව භාවිත කළේ මම රට බේරගන්න බව ඔබට පැහැදිලිව කියන්න ඕන.

එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා.

දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව අවසන් කරන බව මම පැහැදිලිව කියනවා. එය ඔබ වෙනුවේන රට වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන්. මෙි සියලු පක්ෂ විසඳා ගන්න සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රශ්නවලට මම සාමයේ දෑත් දිගුකරනවා.

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටිය අත ගහමු."

No comments