Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Youtube කළඹන නිල් චිත්‍රපට නිළිය.

නිල් චිත්‍රපට නිළියන් සම්බන්ධ පුවත් නිතරම වාර්තා වෙන එක ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. නිල් චිත්‍රපට කර්මාන්තයේ ඉඳන් වාණිජ සිනමාවට ආපු සනී ලි...

නිල් චිත්‍රපට නිළියන් සම්බන්ධ පුවත් නිතරම වාර්තා වෙන එක ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. නිල් චිත්‍රපට කර්මාන්තයේ ඉඳන් වාණිජ සිනමාවට ආපු සනී ලියෝන් වගේ නිළියන්න ඉන්නකොට, ආගමික කාරණා පැත්තකට දාලා නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රචලිත වෙලා ඉන්න මුළු ලෝකයම දන්න මියා කාලිෆා වගේ චරිතත් ඉන්නවා.

ඒත් Youtube සමාජ ජාලය කළඹන නිල් චිත්‍රපට නිළියක් කිව්වම ටිකක් අමුතු දෙයක්. මොකද Youtube කියන්නේ අසභ්‍ය හෝ නිල් චිත්‍රපට වීඩියෝ සඳහා ඉඩක් නොදෙන සමාජ ජාලයක් විදිහට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නිසා. ඒත් Youtube එකේ නිල් චිත්‍රපට වෙනුවට වෙනත් ආකාරයේ රසිකයන් කළඹවන දේ තුලින් ප්‍රසිද්ධවුණු නිල් චිත්‍රපට නිලියක් තමයි Piper Blush කියන්නේ.

Youtube එකේ මේ නමින් සොයලා බැලුවොත් ඔබට ඇයගේ චැනල් එක හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ඉතාමත් සරාගී විලාසිතාවන්, සරාගී රංඟනයන් වගේම පුද්ගලික Vlog මාදිලියේ වැඩසටහන්වලින් ලෝකය පුරා Youtube භාවිතා කරන පිරිමින්ගේ හදවත් ඒ දෙසට ඇදලා ගන්න කෙනෙක් තමයි Piper Blush කියන්නේ.

2015 Youtube එකේ වැඩ පටන් ගන්න ඇය ප්‍රංශ උරුවක් ඇති යුරෝපීය නිල් චිත්‍රපට නිළියක්. ඇය කාලයක් තිස්සේ ඒ ක්ෂේත්‍රයේ කටයුතු කරලා පසුකාලීනව Youtube වෙබ් අඩවියේ තමන්ගේ චැනල් එකක් නිර්මාණය කරගන්නවා Piper Blush කියන අන්වර්ථ නාමයෙන්. අද වෙද්දි එම චැනල් එකේ Subscribe කරපු සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවලා ගිහින්. SocialBlade විශ්ලේෂණ වෙබ් අඩවියට අනුව ඇගේ චැනලයේ දළ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 9000 කට වැඩියි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2 කට ආසන්නයි.

ඒ කියන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 240කට ආසන්නයි. ඒ නිසා ඇය තමන්ගේ සරාගී රංගනයන්ගෙන් Youtube හරහා වාර්ෂිකව උපයන ප්‍රමාණය නිල් චිත්‍රපටවලින් උපයන ප්‍රමාණයට වඩා බොහොම වැඩියි කියලා ඇයම වරක් ප්‍රකාශ කර තිබුණා.

මෑතකාලීනව ඇය ආරම්භකරපු අලුත්ම Youtube චැනල් එක වෙන Will it fit the Friday show කියන එකත් දැන් බොහෝ දෙනෙක් අතරට ගිහින්. එම චැනල් එක හරහා විවිධ සරාගී ඇඳුම් මෝස්තර ඇයගේ ශරීරයට ගැලපෙන ආකාරය අනුව ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. දැනටම Subscribers ලා 50,000 කට ආසන්න පිරිසක් ඉන්න ඇයගේ ඒ අලුත් චැනල් එකේ වාර්ෂික ආදායම ලක්ෂ 88 කට ආසන්නයි. ඒ නිසා ඇය කොතරම් Youtube කළඹවනවද කියන එකත් ඒ හරහා ඇය ඩොලර් ගස් හොලවනවද කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නෑ.

No comments