Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මගේ මුහුණු‍පොතට රිංගපු යාළුවෙක් නිසා ගොඩක් දේවල් මට නැතිවුණා - ධනංජි තාරුකා

Facebook කියන්නේ අද අපිට අවශ්‍ය දෙයක් වුණත් විවිධාකාර පුද්ගලයන් හින්දා අපිට Facebook හරහා නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර ...

Facebook කියන්නේ අද අපිට අවශ්‍ය දෙයක් වුණත් විවිධාකාර පුද්ගලයන් හින්දා අපිට Facebook හරහා නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර වෙලාවට අපිත් දන්නේ නැතුව අපේ නම් පාවිච්චි කරලා ඇතැම් අය නොයෙක් ප්‍රයෝජන ගන්නා අවස්ථා තියෙනවා. මටත් ඒ වගේ දේවල් සිදුවෙලා තියෙනවා. ඒ අතර ටිකක් බරපතළ සිදුවීමකුත් තියෙනවා. ඒ සිදුවීම් හින්දා මගේ Facebook ගිණුම පවා මට අහිමි වුණා.

මෙන්න මේකයි ඒ සිදුවීම. කාර්ය බහුලත්වය නිසා අපිට හැමවෙලාවෙම Facebook එකේ රැඳෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. රූගත කිරීම්වලට ගියාම ලැබෙන විවේකය අනුව තමයි ෆේස්බුක් යන්න ලැබෙන්නේ. එක දිගටම දවස පුරා රූගත කිරීම්වල යෙදෙන්න වුණාම දවස් දෙක තුනක් Facebook යන්න නොලැබෙන අවස්ථාත් තියෙනවා. ඔය විදිහට දවස් දෙකතුනක් රූගත කිරීම් කරලා ලැබුණු විවේකයකදී මම පුරුදු විදිහට ෆේස්බුක් යන්න සැරසුණා. හරිම පුදුම දෙයක් සිදුවෙලා තියෙනවා දැක්කා. මට මගේ Facebook එකට ඇතුළු වෙන්න බැහැ. කවුරු හෝ කෙනෙක් මගේ ගිණුමට ඇතුළු වෙලා තියෙන බව මට තේරුණා. ඒ නිසා මට සිදුවුණා අලුත් ගිණුමක් ඇතිකරගන්න. ඒ අලුත් ගිණුම හරහා මට ගොඩාක් දේ දැනගන්න ලැබුණා.

මගේ ගිණුම හරහා මගේ හිතවතුන්ට Chat කරපු අවස්ථා රාශියක් ගැන මට දැනගන්න ලැබුණා. මගේ යාළුවෝ ඒ වගේ අවස්ථාවල ගත්ත Screen Shot පවා මට එවලා තිබුණා. ඔය අතරේ මගේ රසික හිතවතෙක් මට කියූ කතාවක් අහලා මම ගොඩාක් සංවේදී වුණා. ඔහු රිදී භාණ්ඩ කැටයම් කරන ස්ථානයක සේවය කරන කෙනෙක්. මගේ ගිණුමට ඇතුළුවුණ Hacker මේ පුද්ගලයාටත් Chat කරලා. මට ගොඩාක් ප්‍රිය කරන රසික හිතවතාත් දිගින් දිගටම Chat කරලා. අන්තිමට ඒ තැනැත්තා රිදී ප්‍රතිමාවක් හා මුද්දක් මට තෑගි දෙන්න අහලා තියෙනවා. මේ විදිහට පෙනී හිටපු ඩ්චජඬඥප කියලා තියෙනවා. මම මේ දවස්වල නුවර ෂූටින්...නුවරට තෑග්ග එවන්න කියලා. අහිංසක රසික හිතවතා ඒ කියපු ලිපිනයට අර තෑග්ග යවලා. ඒ මට දැනගන්න ලැබුණු දෙයක්. තව කී දෙනෙකුට ඔය වගේ දේවල් කරලා තියෙනවාද කියන්න මම දන්නේ නැහැ.

මේ සිදුවීම එක්ක මට මගේම Facebook ගිණුම අවලංගු කරන්න සිදුවුණා. සාමාන්‍යයෙන් අපි ඕනෑම කෙනෙක් අපේ ඡායාරූප දාන්නේ Facebook එකටනේ. අත්‍යවශ්‍යම ඡායාරූප වගේම වැදගත් අවස්ථා ඇතුළත් ඡායාරූපත් ඒ අතර තියෙනවා. මගේ Facebook ගිණුම අවලංගු කරපු හින්දා මට ඒ හැමදේම නැතිවුණා. මම දැනට පාවිච්චි කරන්නේ මම අලුතින් ආරම්භ කරපු ෆේස් බුක් ගිණුමයි.

කොහොම හරි ඉතින් මේ විදිහට මගේ ගිණුමට ඇතුළු වූ Hacker කවුද කියලා හොයලා බලන්නත් මට පුළුවන් වුණා. මේ වැඩේ කරලා තියෙන්නේ මම හොඳ යාළුවෙක් කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එක දවසක් අපි කට්ටිය එකට ඉන්න අවස්ථාවක එයා ටිකකට මගේ දුරකථනය ඉල්ලා ගත්තේ Call එකක් ගන්න කියලයි. මමත් එයාව විශ්වාස කරලා මගේ ෆෝන් එක එයාට දීලා එතැනින් නැගිටලා ගියා. ඒ වෙලාවේ තමයි එයා මේ වැඩේ කරලා තියෙන්නේ. එයා මගේ මිතුරෙක්. මගේ Friend list එකේ ඉන්න ගෑනු ළමයි එක්ක හිතවත් වෙන්න හිතාගෙනයි ඔහු මේක කරලා තියෙන්නේ. ඒ නිසා ඔහු වැඩිපුරම Chat කරලා තියෙන්නේ ගෑනු ළමයි එක්කයි. මම මේ හැමදෙයක්ම දැනගත්තත් මම ඒ පුද්ගලයා එක්ක ගැටුම් ඇතිකරගන්නවත්, පලිගන්නවත් ගියේ නැහැ. ඔහුගේ සැබෑ තතු තේරුම් අරගෙන නිහඬ වුණා.

ආරියවංශ කුලතිලක

No comments