Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එකවර පොලිස්‌ කණ්‌ඩායමක්‌ සංගීත සාදයට කඩාපැන එහි සිටි පිරිස අත්අඩංගුවට ගත්තා - අමල් පෙරේරා

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධව මේ දිනවල මාධ්‍ය මගින් වාර්තා පළවන්නේ ඔවුන් නිරත වෘත්තිය සම්බන්ධව නො...

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධව මේ දිනවල මාධ්‍ය මගින් වාර්තා පළවන්නේ ඔවුන් නිරත වෘත්තිය සම්බන්ධව නොව ඊට පරිබාහිර සිදුවීමක්‌ සම්බන්ධයෙනි. එනම් දැනට ඩුබායිහි රැඳී සිටින පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත් මාකඳුරේ මධුෂ් නමැති අයගේ දියණියකගේ ඩුබායිහි පැවැති සාදයකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳවය.

මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මාධ්‍ය තුළ විවිධ පුවත් පළවේ. එම පුවත් අතර අමල් සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ පවුලේ නීතිඥවරයකු ලෙස ශාබ්දික වෙල්ලප්පිලි මහතා ඩුබායි වෙත ගිය පුවතක්‌ ද වාර්තා විය. යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ඒ ගැන කියන්නේ මෙහෙමයි.

ඔබ නීතිඥවරයකු ලෙස කොපමණ කලක සිට කටයුතු කරනවාද?
වසර 19 ක පමණ සිට කටයුතු කරනවා. වෙල්ලප්පිලි නීතිඥ සමාගම ලෙසින් නීතිඥ සමාගමක්‌ පිහිටුවාගෙන තිබෙනවා. එහි කොටස්‌කරුවන් ලෙස මමත්, මගේ බිරිඳත් කටයුතු කරනවා. මම වැඩිපුරම පෙනී සිටින්නේ අපරාධ සහ සිවිල් නීතිය සම්බන්ධවයි.

ඔබ අමල් පෙරේරාගේ පවුලේ නීතිඥවරයාද?
නැහැ. නමුත් අමල් පෙරේරා මම වසර දහයක පහළොවක පමණ සිට හඳුනනවා. ඔහු දක්‍ෂ සංගීත ශිල්පියෙක්‌. එනිසා ඇතැම් සාදවලදී මට ඔහු හමුවී තිබෙනවා. ඔහුගේ එම වෘත්තිය ඔස්‌සේ අප අතර සමීප මිත්‍රත්වයක්‌ ගොඩනැඟී තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති අමල්ගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසා තියෙන්නේ මම ඔවුන්ගේ පවුලේ නීතිඥවරයා ලෙසට.

එසේ නම් ඔබ අමල් සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටින්නේ මිත්‍රයකු ලෙසද?
මෙම සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ අමල්ගේ විවාහක බිරිඳ සහ නදීමාල්ගේ මව වන නදීෂා සජානි සිල්වා මහත්මිය මට කතාකර ඉල්ලා සිටියා මේ සම්බන්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමට මැදිහත් වන ලෙසට. ඒ අනුව ඔවුන් මට ලබාදුන් ලිඛීත අවසරය මත මම අමල් සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ සඳහා මුදල් වැය කරන්නේ අමල්ගේ හිතමිතුරන්. මමත් නියමිත ගාස්‌තුවක්‌ අය කරන්නේ නැතිව නඩු වියදම් සඳහා පමණක්‌ මුදලක්‌ ලබා ගන්නවා.

ඔබ හැර වෙනත් නීතිඥවරුන් අමල් සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටිනවාද?
නැහැ. නමුත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මගෙන් ඉල්ලා සිටියා ඔහුත් මේ සඳහා සහාය වීමට. ඒ අනුව අපගේ නීතිඥ සමාගම යටතේ පෙනී සිටීමට මම ඔහුට අවසර දුන්නා. නමුත් ඔහුට අමල්ගේ පවුලේ අයගෙන් ඒ සඳහා ලිඛිත අවසරයක්‌ ලබාදී නැහැ.

අමල් සහ නදීමාල් ඩුබායි සංචාරයකට යන බව ඔබ දැන සිටියාද?
ඔව්. ඔහුට ඩුබායිහි ප්‍රසංගයකට ආරාධනයක්‌ ලැබී ඇති බවත්, ඒ සඳහා ඔහුට මුදල් ගෙවීමක්‌ සිදුකර ඇති බවත් ඔහුගේ මිත්‍රයකු මට පැවසුවා. නමුත් ඔහු යන්නේ මාකඳුරේ මධුෂ්ගේ සාදයකට ද කියා මා දන්නේ නැහැ. මොකද අමල්ට ආරාධනය කර තිබුණේ මාකඳුරේ මධුෂ් කියන පුද්ගලයා නොවෙයි.

අමල් පෙරේරාට නැඟී ඇති චෝදනාවක්‌ වනුයේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධවයි. ඔබ ඔහු දිගු කලක සිට ඇසුරු කරන අයෙක්‌ ලෙස එම චෝදනාව පිළිගන්නවාද?
සාමාන්‍ය ජනතාව ලෙස අපි දවල්ට වැඩකර රෑට නිදාගන්නා අය. සංගීත ශිල්පීන් කියන්නේ දවල්ට නිදාගෙන රෑට වැඩකරන අය. ඒ හින්දා ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන හොයා බලන්න මට අවස්‌ථාවක්‌ උදා වුණේ නැහැ.

ඒ වගේම තමයි දැනට ඩුබායි පොලිසිය මගිනුත් ඔවුනට එල්ල කර ඇත්තේත් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට චෝදනාවක්‌ පමණයි. ඒ නිසා ඔවුන් තවම සැකකරුවන් පමණයි.
ඔවුන් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෝ චෝදනාවක්‌ එල්ල වී නැහැ.

ඔබට අමල් පෙරේරා හමුවීමට අවස්‌ථාව ලැබුණාද?
ඔව්. මා ඩුබායි පොලිසියට ගොස්‌ එහි රජයේ නීති නිලධාරිවරයා හමුවී මගේ අනන්‍යතාව හෙළිකළ පසු පොලිස්‌ රැඳවුම් මධ්‍යස්‌ථානය භාර කැප්ටන් අලිමුරාඩි මහතා වෙත යොමු කළා. ඔහු මට අමල් හමුවීමට අවස්‌ථාවක්‌ ලබා දුන්නා. ඒ අනුව මට අමල් සමග විනාඩි 20 ක්‌ පමණ කතාබහ කරන්න හැකියාව ලැබුණා. එහිදී මා අමල්ගෙන් විමසුවා මත්ද්‍රව්‍ය භාවිතා කළේද කියා. ඔහු එය ප්‍රතික්‌ෂේප කරනවා. ඔහු කියන්නේ එකවර පොලිස්‌ කණ්‌ඩායමක්‌ තමන් සහභාගි වී සිටි සංගීත සාදයට කඩාපැන එහි සිටි පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය ගත් බවට සැකකරන චෝදනාවේ සත්‍ය හෙළිකර ගත හැක්‌කේ ඔවුන් සම්බන්ධව දැනට සිදුකර ඇති මුත්‍රා පරීක්‍ෂණයේ වාර්තාව ලැබුණු පසුවයි. තවම මෙම වාර්තාව ලැබී නැහැ. ඒනිසා දැනට ඔවුන් සම්බන්ධව අපට කිසිදු තීරණයකට එන්න බැහැ.

මෙම මුත්‍රා පරීක්‍ෂණ වාර්තාව ලැබීමට කොපමණ කාලයක්‌ ගතවේවිද?
ඩුබායි පොලිසිය දැනුම් දුන් ආකාරයට මෙම මස 28 වැනිදා වනවිට ලැබෙයි කියා විශ්වාස කරනවා. එම වාර්තාව ලැබුණ පසු ඔවුන් මා වෙත දැනුම්දෙන බවට පැවසුවා.

එම වාර්තාව අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට ඔප්පු වුවහොත් ලැබෙන දඬුවම කුමක්‌ද?
ඩුබායි රජය මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව 2009 වසරේ සම්මත කරගෙන ඇති නීතිය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ දඬුවම් ලෙස අවම වශයෙන් වසරක්‌ හෝ උපරිම වශයෙන් වසර 03 ක සිරදඬුවම් හෝ එරට මුදලින් ඩිරාම් දසදහසක්‌ (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‌ෂ පහකට ආසන්න මුදලක්‌) වරදකරුවකුට නියම කළ හැකියි. එසේම මෙම දඬුවම් දෙකම වුව ලබාදිය හැකියි.

නඩු විභාගය අවසන් වන තුරු ඇප ලබා ගැනීමක්‌ සිදුකළ නොහැකිද?
එරට පොලිසියට නීතියෙන් ලැබී ඇති අවසරය අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන පළමුව දින 07 ක්‌ රඳවාගත හැකියි. ඉන්පසු වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා තවත් දින 14 ක්‌ ලබාගත හැකියි. චෝදනාවට අදාළ වාර්තා ලැබුණු පසු එය අධිකරණයට ඉදිරිපත් කර තීන්දුව ලැබෙන තුරු රජයේ නීති නිලධාරියාට තිබෙනවා සැකකරුවන් දින 30 න් 30 ට රඳවා ගැනීමේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට.

ඇප ලබාගැනීම සම්බන්ධව මුත්‍රා පරීක්‍ෂණ වාර්තා ලැබුණු පසු ඉදිරි පියවර ගනු ලබනවා. එම වාර්තා අනුව ඔවුන් වැරැදිකරුවන් වුවහොත් නඩු විභාගය අවසන් වන තුරු ඇප ඉල්ලීමක්‌ කරන්න උත්සාහ කරනවා. එම ඇප අයෑදුම් පත ඉදිරිපත් කළ යුත්තේත් රජයේ නීති නිලධාරියා වෙතටයි.

මා විශ්වාස කරන්නේ ඔවුනට මුදල් දඩයක්‌ පමණක්‌ නියම කර නිදහස්‌ කරයි කියා. ඒ සඳහා කටයුතු කිරීමට මා ඩුබායිහි නීතිඥවරුන්ගේ සහාය ලබා ගන්නවා.

අමල් සහ නදීමාල් සමඟ අත්අඩංගුවට ගත් අනෙක්‌ සැකකරුවන් පිළිබඳව ඔබට තොරතුරු ලැබුණේ නැතිද?
නැහැ. මා අමල් සහ නදීමාල් සම්බන්ධව පමණක්‌ පෙනී සිටින නිසා එරට පොලිසියෙන් මට ලැබුණේ ඔවුන් දෙදෙනා ගැන විස්‌තර පමණයි. නමුත් තවත් පිරිසක්‌ සම්බන්ධව අරාබි භාෂාවෙන් සටහන් කළ වාර්තාවක්‌ මා දුටුවා.

එසේම මට ලැබුණු තොරතුරු අනුව සෙසු පිරිස වෙනුවෙන් පෙනී සිටීමට එරට නීතිඥවරියක්‌ ඉදිරිපත් වී තිබෙනවා.

උපාලි ද සේරම්

No comments