Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කනිෂ්ක කියන්නෙ හරිම ආදරණීය යාළුවෙක්

ඔන්න ඉතින් එහෙම තමයි කනිෂ්කට දෙනුවන්ව මුණගැහිලා තියෙන්නෙ. ඒ වගේම දෙනුවන් ගැන කනිෂ්ක කිව්වෙ ඒ විදිහට තමයි. දැන් අපි බලමුද කනිෂ්ක ගැන දෙනුවන...

ඔන්න ඉතින් එහෙම තමයි කනිෂ්කට දෙනුවන්ව මුණගැහිලා තියෙන්නෙ. ඒ වගේම දෙනුවන් ගැන කනිෂ්ක කිව්වෙ ඒ විදිහට තමයි. දැන් අපි බලමුද කනිෂ්ක ගැන දෙනුවන් කියන්නෙ මොනවද කියලා..

දෙනුවන්.. කනිෂ්කව මුලින්ම මුණගැහුණු කාලය මතකද..?
ඔව්.. මට කනිෂ්කව මුණගැහුණේ මම වැඩ කරපු ටීවී චැනල් එකේදී. එතකොට කනිෂ්කගේ අක්කත් ඒ වැඩසටහනට සහභාගි වුණා. එයාගේ තනියට කනිෂ්ක තමයි ඇවිත් හිටියෙ. එතකොට කනිෂ්ක ටිකක් පොඩියි. ඉතින්.. ඊට පස්සෙ තමයි අපි දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ආයෙත් මුණගැහුණේ.

කනිෂ්ක කියන්නෙ මොනවගේ චරිතයක්ද..?
කනිෂ්ක කියන්නෙ හරිම ආදරණීය යාළුවෙක්. ඇත්තටම කනිෂ්ක යාළුවෙක් කියලා කියනවාට වඩා හරිම ආදරණීය සහෝදරයෙක්. එහෙම ආදරණීය සහෝදරයෝ ජීවිතේ මුණගැහෙන්නෙ හරිම අඩුවෙන්. ඒ අතරින් මට මුණගැහුණු එහෙම කෙනෙක් තමයි කනිෂ්ක කියන්නෙ. කනිෂ්ක පවුලේ බාල පුතා. දැනටත් අම්මගෙයි, තාත්තගෙයි හුරතලා. තාමත් අම්මා සැරෙන් සැරේ කෝල් කරලා මිනිහා ගැන අහනවා. ඉතින් එයා හරිම ආදරණීය පුද්ගලයෙක්. යාළුකම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. මට හමුවුණු හොඳම සහෝදරයෙක්.

රූපගත කිරීම්වලදී චබීගෙන් මයික්ට ලැබෙන සහයෝගය කොහොමද..?
ලොකු සපෝර්ට් එකක් තියෙනවා. මම කනිෂ්කගෙන් රංගන ශිල්පියෙක් විදිහට දැකපු සුවිශේෂීතාවක් තියෙනවා. රූපගත කිරීම් කරද්දී කනිෂ්කට කොයි මොහොතකවත් වැරදුණේ නැහැ. නළුවෙක් විදිහට කනිෂ්ක ඇත්තටම දක්ෂයි. කරන දේ ඕනෑකමින් කනිෂ්ක කරනවා. මම හිතන විදිහට මයික් කියන චරිතය යම් සාර්ථකවීමක් වුණානම්, ඒ චරිතය මිනිසුන් අතරේ ඉන්නවානම් ඒකට චබී ලොකු හේතුවක් වුණා.

එයාට ගීත ගැයීමේ හැකියාවකුත් තියෙනවා. දෙනුවන්ට ඒ හැකියාව ගැන මොකද හිතෙන්නෙ...?
ඇත්ත. මට සංගීතය පිළිබඳව ලොකු දැනුමක් නැහැ. හැබැයි මගේ කනට ඇහෙන විදිහට කනිෂ්ක හරි අපූරුවට ගීත ගායනා කරනවා. ඔහු රියැලිටි වැඩසටහනකින් ආපු දක්ෂ ගායකයෙක්. කොයි වෙලේත් කනිෂ්ක සින්දු කියනවා. සින්දුවලින් එහා එයාට ජීවිතයක් නැහැ.

කනිෂ්කයි ඔබයි සංචාරය කරන්නෙත් එකටමයි කියලයි ආරංචිය..?
ඔව්.. අපි ප්‍රසංග කිහිපයකටම සහභාගි වුණා. ගිය සතියෙත් අපි නුවර ගියා. ඔය ගිය වෙලාවලට අමතක වෙන්නෙ නැති දේවලුත් වෙලා තියෙනවා. එක පාරක් ප්‍රංශයේ ගිය වෙලාවක කනිෂ්කට නිදාගන්න මම හොඳට සින්දු කිව්වා. ඒ නැලවිල්ලට කනිෂ්ක හොඳට නිදාගෙන තිබුණා. (දෙනුවන් ගෙරවිල්ල ගැන දෙනුවන්ටම හිතුණේ ඔන්න ඔහොමයි.) හැබැයි කනිෂ්කත් එක්ක කෑමනම් පොඩ්ඩක් බේරගන්න අමාරුයි. කෑමක් ගෙනාවත්, කවුරුහරි කෑමක් දුන්නත් කනිෂ්ක අපෙන් ඕනෙද? කියලා එකපාරයි අහන්නෙ. දෙවැනි පාර අහන්නෙ නැහැ. ඇහුවත් කන්න දෙයකුත් නැහැ. ඒ තත්ත්පරයට කනිෂ්ක කාලා ඉවරයි.

දෙන්නට ඔව්වර ඌරො බය ඇයි..?
ආ.. ඒකද? අපි දෙන්නම දැන් ඌරුමස් කන්න හරි කැමතියි.

එයාගේ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
කනිෂ්ක හැමවෙලේම විලාසිතා ගැන හිතන කෙනෙක්. එයාට ගැලපෙන විලාසිතා එයා හොයාගෙන කොහොමහරි ලස්සනට කරනවා. ඒවා හොඳයි.

කනිෂ්ක වගේ යාළුවෙක් ජීවිතයට ළංවීම ගැන ඔබ මොකද හිතන්නෙ..? කනිෂ්ක වගේ සහෝදරයෙක් ජීවිතයට ළංවීම ගැන අසීමිත සතුටක් තියෙනවා. අපේ තියෙන්නෙ කවදාවත් කැඩෙන්නෙ නැති විශ්වාසනීය යාළුකමක්. මම මොනවා කිව්වත් කනිෂ්ක ඒ හැමදෙයක්ම ඉවසනවා. ඇත්තටම එයා හොඳ සහෝදරයෙක්.

No comments