Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අලුත් අවුරුද්ද සතුටින් කන්න දැන් දවස් 10 ක් විදුලිය කපනවා - රවී සමාව ඉල්ලලා

ඉදිරි දින 10 ඇතුළත විදුලි විසන්ධි කිරීම් යථා තත්ත්වයට පත් කරන බව විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි. ඇත...

ඉදිරි දින 10 ඇතුළත විදුලි විසන්ධි කිරීම් යථා තත්ත්වයට පත් කරන බව විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ විදුලි පාරිභෝගිකයාගෙන් සමාව ඉල්ලා සිටින බවත් 15%කින් පමණ විදුලිය ඉල්ලුම ඉහළ ගිය අතර ඊට සරිලන පරිදි සැපයුම වැඩි කිරීමට හැකියාව නොතිබුණු බවද ඔහු කීවේය.

වර්ෂ 2014 සිට ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු කිසිදු විදුලි ජනනයක් එක් නොවීම හේතුවෙන් මේ ගැටලුව පැන නැඟී ඇති බවත් මේවාට අමාත්‍යාංශ මට්ටමෙන් පිළියම් නොයෙදීමෙන් මේ තත්ත්වය උදාවූ බවත් ඔහු කීය.

විදුලිබල ඇමැතිවරයා ලෙස පත් වී කෙටි කාලයක් ඇතුළතදී තමාට මේ ක්ෂේත්‍රයේ උද්ගත වෙමින් පැවැති ගැටලු රැසකට මුහුණදීමට සිදු වූ බවත්, ඒවාට ස්ථිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් ඉදිරියේදී විදුලිබල ඇමැතිවරුන් ලෙස පත් වී පැමිණෙන කිසිවකුට මෙවන් ගැටලුවලට මුහුණදීමට ඉඩ නොතබන බවත් හෙතෙම කීවේය.

සිංහල _ හින්දු අලුත් අවුරුදු සමය වනවිට විදුලි හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීවේය.

ඇමැතිවරයා මේ බව කීවේ මට්ටක්කුලිය අලිවත්ත විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments