Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දුලාජ්ගේ කීමට තීක්ෂණ කරපු අලුත් වැඩේ

තීක්ෂණ මේ දවස්වල නුහුරුයි රත්තරන් කියලා කියන්නේ කවුරු ගැනද? කාගේ ආදරේ ගැනද කියලා මුලින්ම කියමුකෝ? හැමෝම දන්නවානේ මම ආදරේ නාමයෙන් මියැදෙ...

තීක්ෂණ මේ දවස්වල නුහුරුයි රත්තරන් කියලා කියන්නේ කවුරු ගැනද? කාගේ ආදරේ ගැනද කියලා මුලින්ම කියමුකෝ?
හැමෝම දන්නවානේ මම ආදරේ නාමයෙන් මියැදෙන්න ගිහින් නෑ කියලා. මම මුලින්ම යාළු වුණු ගැහැනු ළමයව විවාහ කරගත්තා. ‘නුහුරුයි රත්තරන්’ කියන්නේ මම ගායනා කරන අලුත්ම ගීතය.

මේක මේ ගීතය ලිව්ව ප්‍රදීප්ගේ හරි ගීතයේ මෙලඩි එක කරපු දුලාජ් ධනුෂ්කගේ හරි අත්දැකීමක්ද දන්නේ නැහැ. ඒ දෙන්න මේ ගීතය ගැන කිව්වම මම එය ආසාවෙන් ගායනා කළා.

ගීතයක් ගායනා කරන්න ආරාධනා ලැබුණම තීක්ෂණ මුලින්ම හිතන්නේ මොනවගේ කාරණා ගැනද?
මුලින්ම මම ගීතයේ මෙලඩි එක ගැන බලනවා. මේ ගීතයේ මෙලඩි එක මට අහපු ගමන් වැදුණා. වචන වගේම මෙලඩි එකත් ලස්සනයි. ඒකයි මම මේ ගීතය ගයන්න භාරගත්තේ.

ගීතයට වීඩියෝවක් කරන්න අදහසක් නැද්ද?
අපි එක දිගට මියුසික් වීඩියෝ කරගෙන ආවනේ. ඉතිං ඒ මියුසික් වීඩියෝවලට යූ ටියුබ් කමෙන්ට්ස් බලද්දී ගොඩක් අය දාන්නේ ලස්සන මියුසික් වීඩියෝවක් කියන කමෙන්ට් එක. ඉතින් වෙලාවකට හිතෙනවා ජනතාව ගීතය හරියට අහල නැද්ද කියලත්.

ඒ නිසා අපි හිතුවා මුලින්ම ගීතය රිලීස් කරලා ජනතාව ඒක රසවින්දට පස්සේ ඒ රසය තවත් වැඩි කරන්න පස්සේ මියුසික් වීඩියෝවක් කරනවා කියලා.

මේ වෙනකොට ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් රසිකයෝ ගීතය විඳිනවා කියලා හිතනවද?
ඇත්තටම ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල ඇහෙන ගීතවලට වඩා වෙනස් ගීතයක් කියලා ගොඩක් අය කියනවා. ගීතයේ වචනත් ලස්සනයි කියනවා. දැනට නම් හොඳ ප්‍රතිචාර ලැබුණේ. තාම නම් ගීතයට කවුරුත් බැන්නේ නැහැ.

ඒ කියන්නේ තීක්ෂණ ගයන ගීතයකට කවුරු හරි ‍ෙදාස් කිව්වොත් ඒවා පිළිගන්නවාද?
මම ඇත්තටම හැමෝටම කියන්නේ මම ගීතයක් ගැයුවම ඇත්තම කමෙන්ට් එක දෙන්න කියලා. යාළුකම කියලා හරි රසිකයෙක් නිසා හරි ගීතය හොඳයි කියනවාට වඩා ඇත්තටම ගීතය ගැන දැනෙන දේ අහන්න මම කැමැතියි. එතකොට ඊළඟ නිර්මාණයක් කරද්දී වුණත් ඒක වැදගත්. ඒ නිසා බනින ඒවා මම සැදැහැ සිතින් භාර ගන්නවා.

තීක්ෂණගේ ගීතවලට එහෙම දෝෂාරෝපණ ඇවිත් තියෙනවද?
සමහර වෙනස්කම් කරන්න යද්දී එහෙම වෙලා තියෙනවා. ‘බෝඩිම’ ගීතය දාපු ගමන් සමහරු මගෙන් ඇහුවා ඔයාගේ ළයාන්විත හඩින් මේ වගේ ගායනයක් කළේ ඇයි කියලා. මම සාමාන්‍යයෙන් එක රාමුවක ජීවත් වෙන්න කැමැති නැහැ.

මෑත කාලයේ බෝඩිමක් ගැන ගීතයක් හැදිලා තිබ්බේ නැහැ. ඒකයි මම ඒ වගේ ගීතයක් කළේ. සමහර මහාචාර්යවරු මට කිව්වා ඒ ගීතයෙන් ඔවුන්ගේ අතීතය මතක් කළා කියලා. ඉතිං ඒකට කැමැති නැති අයත් පස්සේ මට කිව්වා ඒ ගීතය මරු කියලා.

දැන් කාලේ ගීතවලට විවිධ චෝදනා තියෙනවා. විශේෂයෙන් ගීතයේ රසය ගැන. තීක්ෂණට ඒ චෝදනා දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මම නම් කිසිම සින්දුවකට බනින්නේ නැහැ. මොන සින්දුව අහන්න වුණත් පිරිසක් ඉන්නවානේ. ඔයා ශාස්ත්‍රිය සින්දු අහන්න, ඔයා ආදර ගීත අහන්න, නැත්නම් බූට් සිංදු අහන්න කියලා මට සීමා දාන්න බැහැ. සමහර ගීතවල වචන ඉතාම සරලයි. පොල්ලෙන් ගහන්න වගේ වචන තියෙන ගීත තියෙනවා. නමුත් ඒ ගීත මිනිස්සු අහනවා නම් ඒවා මාධ්‍යවලින් ප්‍රචාරය වෙනවා නම් අපි ඉතිං ප්‍රශ්න තියාගෙන වැඩක් නෑනේ. තම තමන් කරන්න ඕන තමන් කැමැති ගීත ටික වෙන් කරගෙන අහන එක. එහෙම නැතුව කාටවත් බැන බැන ඉඳලා වැඩක් නෑ.

තාමත් තීක්ෂණට ගීත ප්‍රචාරය කරගන්න මාධ්‍ය සහයෝගය ලැබෙනවාද?
ඔව්, මාධ්‍යවලින් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ කාලේ හිටපු මාධ්‍ය යාළුවෝ දැන් ලොකු ලොකු තැන්වල ඉන්නවා. ඉතිං ඔවුන් මගේ ගීත ප්‍රචාරය කර ගන්න උපරිම උදවු කරනවා.

අද කාලේ ගායකයෝ ගොඩක් ඉන්නවා. අලුත් අලුත් අයත් බිහිවෙනවා. ඔය සියලු දෙනා අතරේ තීක්ෂණට ප්‍රසංග වේදිකාවේ ලැබෙන වැඩ ජයද?
ඔව්, තාමත් ප්‍රසංග වේදිකාවේ වැඩ ලැබෙනවා. අපිට ලැබෙන තැන එහෙමම තියෙනවා. මම සාමාන්‍යයෙන් හදවතින්ම මිනිසුන්ව ආශ්‍රය කරනවා. එතකොට මිනිස්සු අපිට ආදරය කරනවා. ඒ ආදරය තියෙනකල් අපිට වැඩ ලැබෙනවා.

පහුගිය දවස්වල හීන කැදැල්ලටත් ගොඩ වුණා නේද?
ඔව්, මගේම ගෙයක් කොළඹින් හදාගන්න එක මට තිබ්බ හීනයක්. මගේ ලොකු බලාපොරොත්තුවක් ඒක. මෙච්චර ඉක්මනින් බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් මම කොහොමහරි ඒකට මහන්සි වුණා. මහරගම තමයි අපේ ගෙදර හැදුවේ. නිවෙස හදලා එහි පදිංචියට ගියා.

මම සාමාන්‍යයෙන් මුදල් නාස්ති කරන්නේ නෑ. අරක්කු සිගරැට් බොන්නෙත් නෑ. මගේ වාසනාවකට මට නාස්තිකාර බිරියක් නෙමෙයි හම්බවුණේ. අපි දෙන්නගෙම සිතුවිල්ල අපි හැබෑ කරගත්තා. මම අනිත් අයටත් කියන්නේ මුදල් නිකරුණේ නාස්ති කරන්නේ නැතුව හොඳ දෙයකට යොදවන්න කියලා.

මොනවද අනෙක් වැඩ කටයුතු?
මගේ ස්ටුඩියෝව නම් කරලා තියෙන්නේ ඔක්ටේව් නමින්. ඒ නමින්ම මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩසටහනක් පටන් ගන්න ඉන්නවා. ඒකෙන් මාසයකට සැරයක් වෙනස් වෙනස් ගීත ටිකක් එළියට ගේන්න සූදානමින් ඉන්නවා. මම ගයන ගීත වගේම මම සංගීතවත් කරන ගීතත් ඒකෙන් එළියට එයි.

මුලින්ම රිලීස් කරන්න ඉන්නේ ලතා වල්පොල මහත්මිය එක්ක මම ගයපු අම්මයි පුතයි කියන ගීතය. ලතා වල්පොල කියන ගීත කෝකිලාවිය එක්ක ගීතයක් ගයන්න ලැබීම ඇත්තටම භාග්‍යයක්.

ඉතිං මගේ ඔක්ටේව් බෑන්ඩ් එකේ වැඩත් ඒත් එක්ක කරගෙන යනවා.




තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments