Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආර්ථිකයේ ජවන ඇන්ජිම ඉන්දියන් සාගරයේ තිබුණත් අපි එයින් ප‍්‍රයෝජන ගන්නේ නෑ

ආර්ථිකයේ ජවන ඇන්ජිම, ගුරුත්ව කේන්ද්‍රය අද තිබෙන්නේ ඉන්දියන් සාගරයේ බවත් එහි මැද සිටින අප අන් රටවලට නැති එම බලගතු සාපේක්‍ෂ වාසියෙන් ප‍්‍රය...

ආර්ථිකයේ ජවන ඇන්ජිම, ගුරුත්ව කේන්ද්‍රය අද තිබෙන්නේ ඉන්දියන් සාගරයේ බවත් එහි මැද සිටින අප අන් රටවලට නැති එම බලගතු සාපේක්‍ෂ වාසියෙන් ප‍්‍රයෝජන ගෙන නොමැති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති දේශනයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ආර්ථිකයේ ජවන ඇන්ජිම, ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ අද ඉන්දියානු සාගරයේ. ඒ නිසා අපි හැමෝගෙම අවධානය ඉන්දියානු සාගරයට යොමු විය යුතුයි.

ඉන්දියානු සාගරයේ හරිමැද තමයි ලංකාව තිබෙන්නේ. මේක තමයි ඉන්දියාවට නැති, බංගලියන්ට නැති, පකිස්ථානයට, නැගෙනහිර අප‍්‍රිකාවට, තායිලන්තයට නැති අපට විතරක් තිබෙන බලගතු සාපේක්ෂ වාසිය.

අපේ වරාය, ගුවන්තොටුපලවල් අපි නිවැරදිව සංවිධානය කරගත්තොත් වෙන මොනවත් ඕනේ නැහැ මේ රට ගොඩයන්න.

ඇත්තටම බි‍්‍රතාන්‍යන්ගේ කාලයේ මේ රට දිව්වේ කොළඹ වරයා, ත‍්‍රිකුණාමල වරාය, එහෙම නැත්නම් කටුනායක ගුවන්තොටුවල, රත්මලාන ගුවන්තොටුපල ඒවගේම වෙනත් තැන්වල තිබූ අපේ කුඩා තොටුපලවල ශක්තියෙන්.

දෙවන ලෝක මහා සංග‍්‍රාමය මෙහෙයවන්න මවුන්බැට්න් පාවිච්චි කළේ ලංකාව මිසක් සිංගප්පූරුවවත්, ඩුබායිවත් නෙමෙයි.

එතකොට ඒ විශිෂ්ඨ භූගෝලීය පිහිටීමෙන් අපි සත පහක ප‍්‍රයෝජනයක් අරගෙන නැහැ.

ලංකාවේ කොළඹ වරායෙන් ලංකාවේ ආර්ථිකයට දරණ දායකත්වය සියයට දශම බිංදුවයි පහයි (.05%) සිංගප්පූරු වරායෙන් සිංගප්පූරු ආර්ථිකයට දරණ දායකත්වය 19% යි, ආර්ථිකයෙන් 1/5 ක්.

එතකොට අපි අපේ වරාය, ගුවන්තොටුපල නිසි ආකාරයට පාවිච්චි කර නැහැ" යැයි පැවසීය.




No comments