Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප්‍රසිද්ධ ගායකයෙකුගේ හිටපු බිරිය මට්‌ටු කළ රාගම සුනඛ හබේ

වට පිටාවේ ජනතාවට පීඩාවක්‌ වන පරිදි සුනඛයෙක්‌ ඇති කළ ප්‍රසිද්ධ ගායකයකුගේ හිටපු බිරිඳකට එම සුනඛයා සපා කෑමෙන් පීඩාවට පත් කාන්තාවකට රුපියල් වි...

වට පිටාවේ ජනතාවට පීඩාවක්‌ වන පරිදි සුනඛයෙක්‌ ඇති කළ ප්‍රසිද්ධ ගායකයකුගේ හිටපු බිරිඳකට එම සුනඛයා සපා කෑමෙන් පීඩාවට පත් කාන්තාවකට රුපියල් විසි දහසක වන්දියක්‌ ගෙවා සිද්ධිය සමාදාන කර ගැනීමට සිදු වූ පුවතක්‌ රාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් පසුගියදා වාර්තා විය.

රාගම වල්පොළ ප්‍රදේශයේ ගමන් කළ වැඩිහිටි කාන්තාවක්‌ව මෙම සුනඛයා සපා කා ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමට එම කාන්තාවගේ ලේලිය සුනඛයා අයිති කාන්තාවගේ නිවසට ගිය අවස්‌ථාවේ දෙදෙනා අතර බහින් බස්‌ වීමක්‌ ඇති වී සිද්ධිය දුරදිග ගොස්‌ ඇඳුම් ඉරාගෙන ගහ බැණ ගැනීම රාගම පොලිසිය දක්‌වා දුරදිග ගොස්‌ තිබිණි.

ප්‍රසිද්ධ ගායකයාගේ හිටපු බිරිඳ ද තමාට පහර දුන් බවට රාගම පොලිසියේ පැමිණිලි කර තිබිණි.

රාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ විභාග වූ මෙම ආරවුල සුනඛයාගේ සපා කෑමට ලක්‌ වූ කාන්තාවට රුපියල් විසිදාහක වන්දියක්‌ දීමට සුනඛයා අයිති කාන්තාව එකඟ වීමෙන් පසු සාමයෙන් සිටින ලෙසට දෙපාර්ශ්වයට පොලිසිය අවවාද කර තිබිණි. මීට පෙර ද මෙම සුනඛයාගෙන් ප්‍රදේශවාසීන්ට හිරිහැර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

No comments