Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බීමතින් රිය පැදවූ දිමුත් පොලිසියට කොටුවෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බොරැල්ල කිංසි පාරේ හෝටන් හංදිය අසළදී මාර්ග සංඥාවල...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බොරැල්ල කිංසි පාරේ හෝටන් හංදිය අසළදී මාර්ග සංඥාවලට අවනත නොවී මෝටර් රථයක් පදවා ත්‍රිරෝද රථ රියදුරෙකුට තුවාල සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් දිමුත්ව ඊයේ (31දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.

දිමුත් කොල්ලුපිටියේ සිට රාජගිරිය දක්වා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රි රෝද රථ රියදුරුට බරපතල තුවාල සිදුව ‌ෙනාමැත. කෙසේ වෙතත් මෝටර් රථයට හි ත්‍රි රෝද රථයට අලාභ හානි සිදුව තිබේ. දිමුත්ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

No comments