Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාගේ ලක්‍ෂ 37 සිංහ තෙල් සුරය ගැන මංජුල පීරිස් කියයි..

මෙරට සිදුවූ විශාලතම මැණික් කොල්ලය ලෙස සැලකෙන පන්නිපිටිය මැණික් ව්‍යාපාරිකයකුගෙන් කෝටි 700 ක් වටිනා දියමන්තියක් සොරාගත් පුද්ගලයා විසින් ලක්...

මෙරට සිදුවූ විශාලතම මැණික් කොල්ලය ලෙස සැලකෙන පන්නිපිටිය මැණික් ව්‍යාපාරිකයකුගෙන් කෝටි 700 ක් වටිනා දියමන්තියක් සොරාගත් පුද්ගලයා විසින් ලක්ෂ 37 ක මුදලක් වියදම් කොට ප‍්‍රසිද්ධ ජ්‍යෙතිර්වේදියෙකු ලවා ආරක්ෂාවට සුරයක් සාදාගෙන තිබූ බව මෑතකදී වාර්තා විය

ඩුබායි හි සිට පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් මෙම මංකොල්ලයේ මෙහෙයවා තිබු බවත් පොලිස් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් කොල්ලය සිදුකර ඇති බවත් පොලිසිය හෙලි කරගෙන තිබින.

මෙම වටිනා සුරය අදාල පාතාල නායකයාට පලඳවා ඇත්තේ තිලංග නම් ජ්‍යොතර්වේදියෙකු බව පෑලියගොඩ පොලීසිය විසින් කරුණු හෙළිකර ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජෝතීර්වේදී මංජුල පීරිස් මහතා පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ තමනට මේ සම්බන්දයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි.

‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම පුවත් පල කල අයට මතක හිටින පාඩමක් කියාදෙන බවත් අධිකරණය හමුවේ අපරාධ සහ සිවිල් නඩු ඉතා ඉක්මණින් පවරන බවත් ය.

No comments