Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"මගේ ඇඟට ලේ ඉණුවේ ඕමාන තෙල් ඇමති දැක්කට පස්සේ" - විජිත් විජයමුණිගෙන් රාජපක්ෂලාට බරපතල චෝදනා

ඊයේ (24) පැවති හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට තමන් ද පැමිණියේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් තමන්ගේ ඇඟට ලේ...

ඊයේ (24) පැවති හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට තමන් ද පැමිණියේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් තමන්ගේ ඇඟට ලේ ඉණුවේ ඕමාන රජයේ ඛණිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය මොහොමඩ් අල් රූමි මහතා දුටු විට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

තමන් සිතා සිටියේ අලියා දැවැන්ත සතෙක් නමුත් ඌගේ ඇස් කුඩා නිසා ‍ඌට උගේ තරම නොපෙනෙන්නේයැයි කියා නමුත් අලියාගේ තරම දැන ගත්තේ දින 52 ආණ්ඩු සමයේ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හමත් අලියාගේ මෙන්ම හයිය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ සමාගම ආර්ථික කළමනාකරණයෙහි අසමත් බව ඔවුන් ලෝකයටම පෙන්වා ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා නැවත නම් ඔවුන්ට රැවටෙන්නේ නොමැති බවයි අවධාරණය කළේය.

එසේම ඒ යුගයේ හරකුන්ට ලාඩම් ගසන ව්‍යාපෘතියක් පැමිණියේ නම් මුලින්ම ලාඩම් ගසන්නේ හම්බන්තොට හරකුන්ට බවත් ඒ මහතා උපහාසයෙන් පැවසීය.

මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ මහතාගේ ඔළුවෙන් රටට වැඩගත යුතු බවත් රටට ජයග්‍රහණ ලබාගත හැක්කේ ඒ තුළින් බවත් වියජමුණි සොයිසා මහතා සඳහන් කළේය.

No comments