Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදේශ අධ්‍යාපනය මගේ මල්ලිව පිස්සෙක් කලා – ත්‍රස්තවාදියාගේ සොහොයුරිය

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා යොමුවීම සිය සහෝදරයා ආවේගශීලී පිස්සෙකු බවට පත්කිරීමට හේතුවූ බව ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූ...

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා යොමුවීම සිය සහෝදරයා ආවේගශීලී පිස්සෙකු බවට පත්කිරීමට හේතුවූ බව ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ Abdul Lathief Jameel Mohamed ගේ සොහොයුරිය වන Samsul Hidaya විසින් Daily Mail වෙබ් අඩවිය සමඟ ප්‍රකාශ කර තිබේ.

එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ජමීල් පසුව පශ්චාත් උපාධිය සදහා ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබුනා.

“මගේ සහෝදරයා එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලයේ ඔහු ඉතාම හොද පුද්ගලයෙක්. නමුත් ඕස්ට්‍රේලියාවට ගිය පසු ඔහු ඉතා දැඩි ආගම්භක්තිකයෙක් වුණා. ඔහු ආවේගශීලි සහ උමතු ලක්ෂණ පෙන්නුම් කලා”

අබ්දුල් ලතීෆ් ටාජ් සමුද්‍රා හෝටලයේ පිපිරීම සිදුකිරීමට සූදානමින් පසු වුවද අත්වැරදීමකින් එම බෝම්බය කොළඹ කුඩා ප්‍රමාණයේ සංචාරක නිකේතනයකදි පුපුරා ගිය අතර එක් විදේශිකයෙකු ඉන් ජීවිතක්ෂයට පත්වුණා.

“ඔහු දිගු රැවුලක් වැව්වා. මනුශ්‍ය ආශ්‍රයෙන් ඉවත්වුණා. ඔහුතුල වූ මනුශ්‍යත්වය පිළිබඳ හැගීම් ක්‍රමයෙන් නැතුව ගියා. ඔහු කිසිවෙකු සමඟ සිනහසුනේවත් නෑ”

සොහොයුරිය එසේ පවසනවා.



No comments