Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අලුත්ම 'Suratha' ගීත වීඩියෝවට නවීන්-ඉරාජ් සැරටම හැප්පෙති..

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී අන්තර්ජාලය වෙත නිකුත් කර තිබූ ගීත වීඩියෝව සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතා විවේචනාත්මක අදහස්...

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී අන්තර්ජාලය වෙත නිකුත් කර තිබූ ගීත වීඩියෝව සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතා විවේචනාත්මක අදහස් පළ කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා සඳහන්කර ඇත්තේ ඉරාජ් නිකුත් කර ඇති නවතම වීඩියෝව ඉතා නිරලජ්ජිත වීඩියෝවක් බවත් මේවා සිදු කරන්නේ පහත් මානසික තත්ත්ව ඇති පුද්ගලයන් විසින් බවත් ය.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසු ඉරාජ් වීරරත්න තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයාට ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඊළඟ ඡන්දයේදී සිදුවන බලාගත හැකි බවයි.

අදාල සටහන් දෙකම මෙහි දැක්වෙයි.

“මගේ දෙමවුපිය අභාෂයෙන්, නිතැතින්ම කලාකාමී නිර්මාණ වලට නිරන්තර අතහිත ලබා දෙන පුද්ගලයකු ලෙස මේ සටහන ලිවීමට මුලික පදනම වනුයේ ඉරාජ් නම් පුද්ගලයා විසින් මැතකදී නිකුත් කර ඇති නිර්ලජ්ජිත වීඩියෝවයි. අප ශ්‍රී ලංකික ජාතියක් විදිහට අනුකම්පාවෙන් අනෙකා දිහා බැලීමට හුරු වී ඇත්තෙමු, නමුත් සැම දෙයටම සීමාවක් තිබිය යුත්තේ මෙය ඔහුගේ පළමු අවස්ථාව නොවන බැවිනි. අනෙකුන්ගේ පුද්ලිකත්වය ඔහුන්ගේ අදායම් මාර්ගය කරගන්නා පුද්ගලයන් සමාජයක සලකන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් ලෙසය. තව නොබෝ දිනකින් අප පවත්වන්නට යෙදෙන සිංහල හින්දු අවුරුද්ද අබියස සිටිමින් මෙවන් වීඩියෝ වක් නිකුත් කිරීම තුලම ඔහුගේ යටි අරමුණු මනාවට පැහැදිලි වෙයි. දේශප්‍රේමය තම දේශපාලනය කරගත් දේශපාලන කණ්ඩායම් තුරුලේ සිටිමින් ඔබගේත් මගෙත් දරැවන්ගේ අනාගතය හීන කිරීමට සැරසෙන මෙවන් දුර්වලයන් හදුනා ගනිමු.

අප ශ්‍රී ලංකික ජාතිය අතීතයේදී නොයෙකුත් තාඩන පීඩන වලට ගොදුරු උවද තවමත් නොසැලී ඉන්ද්‍ර කිලයක් සේ නැගී සිටියි. මෙවන් පුද්ගලයන් කෙරෙහි තව දුරටත් අප නිහඩව සිටිය යුතු නැත. ඔබගේ දරුවාගේත් අපේ අනාගත පරපුරේත් මතු ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් අප මේවන් දේ ප්‍රත්ක්ෂේප කරමු, අප අනාගත පරපුරට සුරක්ෂිත සමාජීය තත්වයක් ගොඩනගමු. අපි නැගී සිටිමු, ශක්තිමත් ජාතියක් ලෙස තම අනන්‍යතාව සුරකිමින් මතු පරපුරට සුරක්ෂිත හෙට දවසක් උරුම කරමින්.

– Navin Dissanayake FB

***************

Navin Dissanayake ඇමතිතුමා වෙත ලියමි…

මුලින්ම කියන්න ඕනේ ඔබගේ පියාට සහ ඔබතුමාට මම ගොඩක් ගෞරව කරන කෙනෙක්…

ඇමතිතුමනි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක දැක්කා වගේ රටේ වෙන විනාශය පේන්නේ නැද්ද ?

විල්පත්තු විනාශයට මට මේ බනිනවා වගේ රිෂාද් බදුර්ඩීන්ට බනින්න බැරිද ? මම විල්පත්තුව ගැන Music Video එකක් Youtube එකට කරොත් ඔබ ඒ විනාශය ගැන දකීද ? කතා කරයිද ?

රණවිරැ දඩයම සහ රණවිරැවන්ට වෙන අසාධාරන ගැන මම Music Video එකක් කරා ඔබතුමා ඒක ගැන කතා කරාද ? රට බේරලා දුන්න අපේ කොල්ලන් වෙනුවෙන් වචනයක්වත් කතා කරාද ?

රටේ මිනිස්සුන්ට කන්න වතුර ලයිට් නෑ හැබැයි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක ගැනනම් කතා කරන්න පුලුවන්.ඇමතිතුමනේ මීට වඩා රටේ විශාල කරදර ගනනාවක් තියනවා කතා කරන්න සහ පිලියම් සොයන්න.

ඔබතුමාලාවා අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක් Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා Ranjan Ramanayake ඇමතිතුමා කියනවා වගේ කොකේන් ගහලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ !!!

තවත් දෙයක් ඔබතුමාලා අපේ සේවකයෝ … සේවකයාගෙන් හරි වැඩක් නැත්නම් මොකද කරන්නේ ? ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු

– IRAJ FB

No comments