Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වයස අවුරුදු 18ට අඩු අයට TikTok වෙතින් සීමාවක්

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok භාවිත කළ හැකි කාලය සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, එම පරිශීලකයින් සඳහා මිනිත්තු 60ක ...

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok භාවිත කළ හැකි කාලය සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, එම පරිශීලකයින් සඳහා මිනිත්තු 60ක දෛනික තිර කාල සීමාවක් සකස් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කාල සීමාව ඉක්මවා ගිය පසු එම පරිශීලකයින්ට අදාළ දිනය තුළ TikTok තවදුරට ත් භාවිත කිරීම සඳහා රහස් කේතයක් ඇතුළත් කිරීමට සිදුවේ.

කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය නම් මෙම සීමා කිරීමෙන් වැළකී සිටිය හැකි අතර, TikTok සමාගම ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය තුළ පරිශීලකයින්ට එය අත්විඳිය හැකි බව ය.

මිනිසුන්ට ඔවුන්ගේ භාවිතය [යෙදුම] පාලනය කිරීමට උපකාර කිරීම සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දෙන බව TikTok සමාගම සඳහන් කර ඇත.

එම යෙදුම චීන සමාගමක් වන ‘ByteDance’ සතු වේ.

එය භාවිත කිරීම සඳහා පරිශිලකයින් අවම වශයෙන් 13 හැවිරිදි විය යුතු අතර මෙම නව විශේෂාංගයේ කොටසක් ලෙස, වයස අවුරුදු 18ට අඩු ඕනෑ ම කෙනෙකුට “ඔවුන්ගේ තිර කාලය නැවත සලකා බැලීම” සඳහා සතිපතා දැනුම්දීමක් ලැබෙනු ඇතැයි TikTok සමාගම ප්‍රකාශ කර තිබේ.

නව මිනිත්තු 60 සීමාව මග හැර දිනකට මිනිත්තු 100ක් දක්වා යෙදුම භාවිත කරන පරිශීලකයින්ට ඔවුන්ට ඔවුන්ගේ ම තිර කාලයක් සකස් කර ගැනීම සඳහා TikTok වෙතින් සිහි කැඳවීමක් ලැබෙනු ඇත.

යෙදුමේ ‘Family Pairing’ විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තිර කාල සීමාව සැකසීමට මෙන් ම යෙදුම භාවිතය පිළිබඳ තොරතුරු ලබා දෙන පුවරුවකට (dashboard) ප්‍රවේශ වීමට ද හැකියාව ලැබේ.

2021 වසරේ සැප්තැම්බර් මාසයේදී TikTok සමාගම පැවසුවේ, එහි සක්‍රීය මාසික පරිශීලකයින් බිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර එය ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් එකක් බවට පත් කර ඇති බව ය.

No comments