Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවේ ණය බරට සහනයක් දෙන්න ලෑස්තියි.. චීන අගමැති කියයි

ශ‍්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත  සහාය  වීම  සඳහා  වන  බහු  පාර්ශ්වික  ප‍්‍රයත්නයකට  ඵලදායි අයුරින් දායකත්වය ලබා ...


ශ‍්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත  සහාය  වීම  සඳහා  වන  බහු  පාර්ශ්වික  ප‍්‍රයත්නයකට  ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සූදානම් බව එරට අගමැති  ලී  කෙකියැන්ග්  මහතා  ජාත්‍යන්තර  මූල්‍ය  අරමුදලට  ප‍්‍රකාශ කර ඇත.

චීන   අගමැතිවරයා   ජාත්‍යන්තර   මූල්‍ය   අරමුදලේ   කළමනාකාර  අධ්‍යක්ෂිකා  ක‍්‍රිස්ටලීනා  ජෝර්ජීවා  මහත්මිය  සමග පැවති දුරකථන සංවාදයක දී චීනය දැඩි ණය බරින් පීඩිත වී සිටින රටවල ණය අර්බුදය විසඳීම සඳහා ඵලදායි අයුරින්  සහභාගී  වීමට  සූදානම්  බවත්  සිය ̈ම  පාර්ශ්ව  ඒ  සඳහා එක්ව ක‍්‍රියා කළ යුතු බවත් පවසා ඇත. එසේ ක‍්‍රියා කිරීමේදී සිය ̈ම පාර්ශ්ව ණය බරින් පීඩිත වූ රටවලට ණය සහන ලබා දීමේ බර එක හා සමානව බෙදා ගත යුතු බව ද චීන අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි රටවලට ණය ලබාදී ඇති  ප‍්‍රධානතම  ණය  හිමියා  වන  චීනය  ස්වෛරී  ණය  ප‍්‍රතිව්‍යුහගත  කිරීමේදී  කුමන  පාර්ශ්වය  පෙරමුණ  ගත  යුතු  දැයි බහු පාර්ශ්වික බැංකු සමග සංවාදයක නියැලී සිටී.

එම  දුරකථන  සංවාදයේදී  ඇතැම්  සංවර්ධනය  වෙමින්  පවතින  රටවල්වල  ඇති  වී  තිබෙන  ණය  අර්බුදය  විසඳීම  සඳහා  චීනය  සමග  සම්බන්ධීකරණය  සහ  සහයෝගීතාව  ශක්තිමත් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය බව  ක‍්‍රිස්ටලීනා  ජෝර්ජීවා  මහත්මිය  චීන  අග‍්‍රාමාත්‍ය  ලී  කෙකියැන්ග් මහතාට පවසා ඇත.

No comments