Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොළඹ විශ්ව විද්‍යාලයෙ වෛද්‍ය උපාධිය ඩොලර් 62,500කට දෙයි..

පස් අවුරුදු පාඨමාලා සඳහා ඩොලර් 62,500 ක සම්පූර්ණ ගෙවීමක් සමඟ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලය විදේශ සිසුන් සඳහා වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු...


පස් අවුරුදු පාඨමාලා සඳහා ඩොලර් 62,500 ක සම්පූර්ණ ගෙවීමක් සමඟ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලය විදේශ සිසුන් සඳහා වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දේශීය උසස් පෙළ විභාගයට සමාන විදේශීය විභාගයකදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථ 2ක් සහ සාමාන්‍ය (S) සාමාර්ථයක් ලබා ඇති සිසුන් සඳහා වෛද්‍ය උපාධිය විවෘත වෙන බවයි වාර්තා වෙන්නේ.

උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ දේශීය උපාධි පාඨමාලාවේ විදේශීය සිසුන් 500 දක්වා ඉහළ නැංවීම රජයේ සැලසුම බවයි.

“පසුගිය වසරේ අපට විදේශීය සිසුන් 165 ක් සිටියා,එහෙත් KDU (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) සතුව ද ධාරිතාවක් ඇති බැවින් අපට විදේශීය සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා වසරකට සිසුන් 500 ක් ඉලක්ක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීති පීඨයටත් විදේශ ශිෂ්‍යයන් වැඩි කරන්න අපි උත්සාහ කරනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

No comments