Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එහෙම කෙනෙක්ව නම් මම භාර ගන්න එකක් නැහැ.. දුශේනි මේ කා ගැනද කියන්නේ..?

පාරදිගේ ටෙලි නාට්‍යයේ සරණි කියන්නේ මෑත කාලයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනා ගත් චරිතයක්. සරණි සහ බන්ටි විදියට ඒ ආදරේ උපරිම ලැබුවේ දුශ...


පාරදිගේ ටෙලි නාට්‍යයේ සරණි කියන්නේ මෑත කාලයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනා ගත් චරිතයක්. සරණි සහ බන්ටි විදියට ඒ ආදරේ උපරිම ලැබුවේ දුශේනි මියුරංගි. සරණිට ලැබෙන ආදරේ උණුසුම පහව යන්නත් කලින් දුශේනි නැවත ප්‍රේක්ෂකයින් අතරට ඇවිත්. ඒ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පිංකි ලෙසින්. පිංකි චරිතය කලින් රඟපෑවේ ශෙනායා වැන්හොෆ්. ඇය විවාහයත් එක්කම රංගනයට සමුදුන් නිසා පිංකි වෙලා ඇවිත් ඉන්නේ සරණි වුණු දුශේනි මියුරංගි. කොහොමද දැන් පිංකිට ලැබෙන ප්‍රතිචාර කියලා දැනගන්නත් එක්කම අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.

සරණි සහ බන්ටිගේ උණුහුම යන්නත් කලින් පිංකි සහ හරිනි වෙලා, පිංකි වෙන්න ලැබෙන්නේ චරිතයේ අතරමැදදි මේ සියල්ල අභියෝගයක් නෙවෙයිද?

ඇත්තටම අභියෝගයක්. කෙනෙක් කොටස් හතළිස් ගාණක් කරපු චරිතයක්. ඒ එක්කම පාර දිගේ නාට්‍යයේ සරණි සහ බන්ටිගේ චරිත අතිශය ජනප්‍රියත්වයට පත්වුණු නිසා ප්‍රේක්ෂකයින් අදටත් දකින්නේ මාව ඒ විදියට කියන එකත් මගේ ඔළුවේ තිබුණා. මම කැමතියි අභියෝග භාර ගන්න. මට ලොකු විශ්වාසයක් තිබ්බා සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාගේ තිර රචනය සහ ශිවා අයියාගේ අධ්‍යක්ෂණය ගැන. ඒ දෙකත් එක්ක තමයි මම මේ අභියෝගය භාර ගත්තේ. සද්ධා මංගල අයියාගේ බිරිය චේතනී විජේතුංග අක්කා මට මේ චරිතයට කතා කළේ. ඒ වෙලාවේ මම හිතුවෙත් මේක මට ලැබුණු අභියෝගයක් සහ මම කැමතියි අභියෝග භාර ගන්න. ඒ නිසා භාර ගන්නවා කියන එක. මට ලොකු විශ්වාසයක් තියෙනවා තාමත් සරණි සහ බන්ටි විදියට දකින ප්‍රේක්ෂකයින් පවා කාලයත් එක්ක පිංකිගේ පැත්තට හැරෙයි කියලා.

පිංකි විදියට දුශේනි සෙට් එකට යන්නේ නාට්‍යයේ මැදදි, කොහොමද කණ්ඩායමෙන් ලැබුණු ප්‍රතිචාර?

මුල් දවස් ටිකේ මටත් අලුත් ගතියක් දැනුණා. පාර දිගේ නාට්‍යයේ කෘෘ එකම තමයි සල්ලි පොකුරුවල ඉන්නේ. මම වැඩිපුරම රංගනයෙන් දායක වෙන්නේ සාරංග අයියා සහ දුලංජ (ලැම්බට්) එක්ක. ඒ දෙන්නගෙන් සහ අපේ සහාය අධ්‍යක්ෂණයට ඉන්නේ ධනුෂ්ක එයාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ශිවා අයියා කියන්නේ ලංකාවේ ඉන්න නම්බර් වන් අධ්‍යක්ෂවරයා. ඒ නිසා මට පුළුවන්කම ලැබුණා හැමෝම එක්ක හොඳින් වැඩ කරන්න. මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම එකිනෙකට වෙනස් ද්විත්ව චරිත කරන්නේ.

සිනමාවෙන් නිර්මාණ දෙකක්ම ඉදිරියේදී එන්න තියෙනවනේ, ඒ ගැනත් කියමු?

සිංහබාහු සහ සිහින නෙළුම් මල්. සිංහබාහු කියන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ අධ්‍යක්ෂණයක්. සිහින නෙළුම් මල් ශමීර රංගන නාඔටුන්නගේ නිර්මාණයක්. මේ නිර්මාණ දෙක එකිනෙකට වෙනස් නිර්මාණ දෙකක්. සිංහබාහු කියන්නේ හැමෝම දන්නා කතාවක් නැවුම් විදියට අරගෙන එන නිර්මාණයක්. සිහින නෙළුම් මල් නම් බොහොම සංවේදී කතාවක් ඇතුළත් නිර්මාණයක්. ඉදිරියේදී ඒ නිර්මාණ දකින්න ලැබෙයි.

කලා ලොවේ ඔය තොරතුරුත් එක්කම අපි පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්, අද ඉන්න දුශේනි ආදරේ දකින්නේ කොහොමද?

ආදරේ කියන දේ මම දකින්නේ හරිම සුන්දර ජීවිතේ තේරුම් අරගෙන හැමතැනකදීම එකට අත අල්ලාගෙන එකිනෙකාට උදව් කරගෙන ඉස්සරහට යන එක. බොළඳ ආදරේ දැක්කේ මීට අවුරුදු හය හතකට කලින්. ඉස්සර ඇහුවම නම් කියන්නේ උස වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ කියලා. දැන් එහෙම නැහැ. අපේ පරිණතභාවය වයස එක්ක එන දෙයක්නේ. මම අද හොයන්නේ තේරුම් ගැනීම සහ මම වැටෙන තැනකදී මාව උස්සලා තියන්න පුළුවන් කෙනෙක්.

ආදරේ කරන කෙනාගෙන් රංගනයට තහංචි වැටුණොත්?

මෙහෙමයි. කොහොමත් මම තව අවුරුදු දෙක තුනක් යනකම් විවාහයක් ගැන හිතන්නේ නැති වෙයි. මේ වෙලාවේ ප්‍රේක්ෂකයෝ මගේ නිර්මාණත් එක්ක ඉන්න එකත් එක්ක කාර්යබහුල වෙලා මම ඉන්නේ. හැබැයි මමත් හිතන දෙයක් තමයි විවාහයෙන් පස්සේ කාන්තාවක් ගෙදර ඉන්න ඕනේ නැහැ කියන එක. එහෙම වුණත් පොඩි ආසියාතික මානසිකත්වයක් මටත් තියෙනවා. ඒ නිසා විවාහයෙන් පස්සේ දරුවෙක් ලැබුණාම එහෙම මමත් හිතනවා කලා ලොවෙන් ටිකක් බැහැර වෙන්න. ඒක මගේම වුවමනාවෙන් වෙයි. මේ වෙලාවේ මම මේ රංගනයට ආදරේ කරන කෙනෙක් හැටියට මට මේ දේ කරන්න එපා කියන්නෙම එයා මට ආදරේ නැහැ කියන එක. ඒ නිසා එහෙම කෙනෙක්ව නම් මම භාර ගන්න එකක් නැහැ.

- අනුෂා රණසිංහ

No comments