Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජැක්සන්ගේ හදවත නතර කරන අන්තිම තීරණය ගන්න වුණේ සජිතට. පුතෙක් විදියට ඔහු වින්ද වේදනාව ළඟම හිතවතුන් කියයි

ජීවත් වුණු ජැක්සන් ඇන්තනි ගැන කතා කරන එක නතර කරන එක කරන්න බැරි දෙයක් වගේම මියගිය ජැක්සන් ගැන ඇහෙන කතාත් තවමත් නතර වෙලා නැහැ. ජැක්සන් ඇන්තනී ...



ජීවත් වුණු ජැක්සන් ඇන්තනි ගැන කතා කරන එක නතර කරන එක කරන්න බැරි දෙයක් වගේම මියගිය ජැක්සන් ගැන ඇහෙන කතාත් තවමත් නතර වෙලා නැහැ.

ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් මොහොත ගැන ෆේස්බුක් සමාජ ජාලාහී පල කර තිබූ සටහනක් මේ.

ජැක්සන් ඇන්තනීගේ අන්තිම හුස්ම ලෝකයට මුදාහැරුණු අන්තිම ම තත්පරයේ ළඟ සිටි එකෙක් ලෙස කියමි.

එදා මමත්, සජිතත්, හර්ෂණ දිසානායකත් රෑ 8 ට විතර හම්බෙන්න හිතාගෙන හිටියේ. ඒත් සජිත රෑ හතට විතර කතා කරලා කිව්වා “මම හොස්පිටල් යනවා, ටිකක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා” කියලා.

උඹ හොස්පිට්ල් යන එක සාමාන්‍ය දෙයක් නිසා මමයි, හර්ෂණයි කතාකරගත්ත විදිහට මුණගැහුණා.

එතන කසුන් ගම්මානත් – මගෙ ගෑනිත් හිටියා.

එදා නානා අයියාගේ (මඩුශන් නනයක්කර ) ඇනිවසරි එක තිබ්බ නිසා අපි සේරම ඒ පැත්තට ගියා.

රෑ නමයහමාරට විතර මම ආපහු සජිතට ගත්තා.

“අයියේ අප්පච්චිට හොඳටම අමාරුයි. දොස්තරලා වටවෙලා.. අද එච්චර හොඳ දවසක් නෙවෙයි වගේ”

ඒ වචනවල ඇත්තටම තාත්තා කෙනෙක්ගෙ ආදරය විඳපු පුතෙක්ගේ වේදනාව හොදටම ඇහුණා.. ඒ කතාවට අපි හැමෝගෙමත් පපු බරු ගහලා ගියා.

හරියටම රෑ 12:00 ට වගේ කිට්ටු කරලා උඹගෙන් හර්ෂණට කෝල් එකක් ආවා.. “අයියේ මට මේක ආන්සර් කරන්න බෑ, උඹ ආන්සර් කරපන්..” හර්ෂණ එහෙම කිව්වේ මේ කෝල් එක ඒ තරම් සුබ නෑ කියලා හිතුණ නිසා..

ඒත් උඹ ආපහු කතා කරලා අපි ඉන්න තැනට එනවා කිව්වා.

ඒ කෝල් එක අපිට අමුතු සැනසිල්ලක්. ඒ කියන්නේ ආපහු තත්ත්වය යහපත් අතට පත් වෙලා ඇති කියලා අපිට හිතුණා.

පාන්දර එකයි තිහට වගේ උඹ ආවා.

“හෙට පාන්දර 5 විතර වෙද්දි හුඟක් දේවල් ඉවරවෙලා තියෙයි අයියේ”

එහෙම කියල ඇතුලට ආපු උඹ, තව පැය දෙක තුනකින් අහන්න ලැබෙන්න නියමිත, ලෝකේ අමාරුම ආරංචිය අහන්න තරම් ශක්තිමත් මිනිහෙක් වෙන්න අමාරු නිසාම රටේ නැති කතා කිය කිය මාතෘකාව මාරු කරන්න මහන්සි වෙච්ච හැටි අපි දැක්කා.

උඹ අප්පච්චි එක්ක බැඳිච්ච ඒ කාලෙ හිනා කතා කිව්වා. හැමෝටම හිනා. හැබැයි උඹගෙ ඇස්වල, සැරෙන් සැරේ බරට ගත්ත හුස්මවල උඹ අපිට හංගන්න හදපු ඇත්ත පෙනුණා.

පාන්දර 3ට විතර Save කරපු නැති මොබිටෙල් අංකයකින් සජිතට කෝල් එකක් ආවා. සජිත හොඳටම දන්නවා මේ එන්නේ අර කාලකන්නි ආරංචිය කියලා. ඒත් උඹ තත්පරයකට හරි හිත හදාගන්න ඕනකමට,

“මේ මළ පාන්දර මොකා ද කතා කරන්නේ ” කියන ගමන් පොඩ්ඩක් පැත්තකට ගියා.

අනතුරක සේයාව ඉඟි වැටුණු අපිත් ටික ටික ළං වුණා. 

ෆේස්බුක් එකේ තාම උඹලට ගහලා වැඩි රීච් එකක්, වැඩි shares ටිකක් හදාගන්න උත්සහ කරන පුතාලා කවුරුහරි ඒ වෙලාවේ උඹගෙ මූණ දැක්කනං, ඔය හුඟක් කතා කියන්නේ නෑ. තාත්තා මැරුණා කියන ආරංචිය පුතාට එන එකේ අමාරුව මම ඒ මොහොතේ උඹෙ මූණෙන් දැක්කා.

උඹට තමයි වගකීම පැවරුණේ, මේ කරුම ආරංචිය අයියට, අක්කට, අම්මට කියන්න.

අම්මා ඒ වෙනකොටත් තිස්සමහාරාම ගිහින් හිටියේ ජැක්සන් ඇන්තනී වෙනුවෙන් පූජාවක් කරන්න. පවු ඒ අම්මා..

අපි කෙලින්ම රෝහලට ආවා. ඒත් එක්ක නයෝමි, හර්ෂණ, සාදර බණ්ඩාරත් ආවා. නානලා විනාඩි පහකට පස්සේ ආවා.

අපි  "ICU 01” එකට යනකොටත් ජැක්සන් ඇන්තනී කියන දැවැන්තයාගේ සිරුරෙ අක්මා, වකුගඩු ආදී ඉන්ද්‍රියන් සිය කාර්යභාරයන් අවසන් කරලා නිසලව හිටියා.

ඒත් හදවතට සම්බන්ධ කරලා තිබ්බ යන්ත්‍රය විතරක් පණ ගැහෙමින් තිබුණා.

දැන් අමාරුවෙන් හරි ඒ යන්ත්‍රයත් නවත්වන තීරණය ගන්න උඹට සිද්ධ වුණා.

උඹ ඒකට එකඟ වුණා. උඹට වඩා අසරණ වුණේ එතන හිටිය හෙද නිලධාරිනිය.

ඇය මේ යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන්න ළඟට ගියත්, මම මේ නවත්වන්න හදන්නේ මේ ලංකාවේ කාටවත් මවන්න බැරිතරම් චරිත ගොඩක් වේදිකාවෙ, සිනමාවෙ, රූපවාහිනියෙ මැවූ.., ඕනෑම විෂයක් ගැන විශ්මකර්ම දැනුමකින් කතා කළ රටකට වඩා විශාල මිනිහෙක් ගේ හදවත කියන එක ඇයට දැනෙන්න ඇති. අන්තිමේදී ඇය ඒ තීරණය ගත්තා.

ඉහලට ගිය පපුව ආපහු පහලට ආවේ නෑ. මම ඒ යෝධ මනුස්සයගේ සීතල කකුල ජීවිතය පළවෙනි වතාවට ටිකක් වෙලා අතගාලා වැන්දා.

උඹ පව් සජිත.. අකිල, මාදවී අනේ උඹලා දෙන්නත් පව්.. කුමාරි ආන්ටි ඊට වඩා පවු..

ඒ මනුස්සයා මැරෙන්න කලින් සුදත්තලා දවස ගාණෙ මැරුවා.

ඒත් එක්ක එකතු වෙච්ච තට්ට දොස්තර මේ මැෂිම ඇන්තනී පවුලෙන් දුන්න එකක් කියලා දැන දැන රටේ මිනිස්සු කුපිත කරා.

ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අද හුඟක් අයියලා,මල්ලිලා ෆේස්බුක් එකේ විකල්ප අදහස් දරනවා කියලා පෙන්නමින් හිඟන වැඩ කරන්නේ.

ජැක්සන් ඇන්තනීට, මම ජැක්සන් ඇන්තනී කියලා ලෝකෙට අඳුන්වල දෙන්න දාහක් විදි තියෙනවා.

මම ගායකයෙක්, මම සම්මානනීය නළුවෙක්, මම සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්, මම චිත්‍ර ශිල්පියෙක්, මම සම්මානනීය පූරකයෙක්, මම සම්මානනීය රචකයෙක්..

ඒ ඔක්කොටම වඩා, රටේ තාත්තලාට ආදර්ශයට ගන්න පුළුවන් අමරණීය තාත්තා කෙනෙක්..

සෝෂල් මීඩියා ඇතුළෙ ගූ කතා කියන, ගූ කතා share කරන, ගූ’වලින් හරි ගොඩ යන්න හදන එකෙක්වත් ජැක්සන් ඇන්තනීගේ මයිලක් තරම් වටින්නෙ නැහැ කියලා දන්න නිසා, උන් ගැන කතා කරන්න මහන්සි වෙලා තේරුමක් නෑ. හැබැයි ඇත්ත නොතේරුණ නිසා ⁣හරි, මේ වගේ ලෝකයක් වටින මිනිහෙක්ට අපහාස කරානම්, දැන්වත් නවතින්න..!

මොකද,

ඒ මිය ගියේ, මම අමුණලා තියෙන පින්තූරවල අයිතිකාරයා..

අපි හැමෝගෙම අතීතවල අනන්තවත් අපිව සතුටු කරපු ලස්සන මනුස්සයා..

විශිෂ්ටයාණෙනි,

ඔබට සැනසීම ලැබේවා????????

– බුද්ධික සේමසිංහ



No comments