Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඊශ්‍රායලය - පලස්තීන ගැටුම.. යුද්ධය විසඳුම නොවන බව MR පවසයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...


ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

පලස්තීන තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය විසඳුම නොවන බවත්ය.

සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවේම අත්දැකීම් ඔස්සේ යමින්, දෙරටේම සිවිල් වැසියන්ගේ සමෘද්ධිය පිළිබඳ පොරොන්දුව දරණ සාමයේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා. 

"පලස්තීනය සමග සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස මම පලස්තීන අරමුණට නිරතුරුව සහයෝගය දැක්වුවා," 

යුද්ධය කිසිවිටෙකත් විසඳුමක් නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනු ලැබුවා. 



No comments