Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අපි මොනවා කලත් මිනිස්සු කතා හදනවා

කෙටි කලකින් ඉතාමත් ජනපි‍්‍රය වුන නිරූපිකාවන් ඉන්නවා නම් ඒ අතලොස්සයි. ඒ අතරිනුත් තමන්ගේ දක්ෂතාවය නිසත් සුන්දර රූ සපුව නිසාත් ජනපි‍්‍රය වුන ...

කෙටි කලකින් ඉතාමත් ජනපි‍්‍රය වුන නිරූපිකාවන් ඉන්නවා නම් ඒ අතලොස්සයි. ඒ අතරිනුත් තමන්ගේ දක්ෂතාවය නිසත් සුන්දර රූ සපුව නිසාත් ජනපි‍්‍රය වුන නිරූපිකාවන් ඉතාමත් අඩුයි.

ඒ අතරින් ටීනා ෂනෙල් ඉදිරියෙන්ම සිටිනවා. ටීනා ෂනෙල් කිව්වම නිරූපන ක්ෂේත‍්‍රයේ නොදන්න කෙනෙක් නැති තරමටම දැන් ටීනා ජනපි‍්‍රයයි. නිරූපන ක්ෂේත‍්‍රයේ විතරක් නෙවෙයි රූපවාහිනි වෙළඳ දැන්වීම් වල, මියුසික් වීඩියෝ වල වගේම රූ රැජිණ තරඟ වලත් ටීනා දකින්නට ලැබෙනවා.

මේ තමන් මෙතෙක් ආ ගමන් මඟ ගැන ටීනා කියන කතාව…

“මගේ අක්කිලා දෙන්නත් නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. එයාලගේ ආභාසය තම මට මේ ක්‍ෂේත්‍රයට එන්න බලපෑවේ.
මම ගොඩක් කැමැතියි නිරූපණ ක්‍ෂේත්‍රයට. දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. දේදුන්නයි ආකාසේ චිත‍්‍රපටයට සම්භන්ධ වෙන්න ලැබුන එක මගේ හීනයක් හැබෑ උනා වගෙයි.

පි‍්‍රයන්ත කොළඹගේ තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඇත්තටම මගේ ලොකු බලාපොරොත්තුවක් තමයි ඒක. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ කාගෙවත් ළඟ ක්ලාස් ගිහින් නෙවෙයි. මගේම උත්සහයෙන් තමයි මම මේ තත්ත්වයට ආවේ. අපි ඕනෙම දෙයක් කලාම මිනිස්සු කතා හදනවා. මට ඉන්න පුළුවන් කාලයක් මම මේ ක්ෂේත‍්‍රයේ ඉන්නවා. ගොඩක් වයසට යනකන් නම් ඉන්නෑ. ”

No comments