Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අගමැතිට එරෙහිව 'සිංහල රාවය' සංවිධානයෙන් පොලිසියට පැමිණිල්ලක්

'සිංහල රාවය' සංවිධානය විසින්, පසුගිය දා එක්සත් ජාතික පක්ෂය මගින් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පති...


'සිංහල රාවය' සංවිධානය විසින්, පසුගිය දා එක්සත් ජාතික පක්ෂය මගින් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිනි.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසන්නේ මෙම විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවත්, එම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් වූ බවත් ය.

ඉකුත් දා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව පොලිසිය තමන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමත්, එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීමත් බරපතල ගැටලුවක් බව සුදත්ත හිමියන් ප්‍රකාශ කළේ ය.

තම සංවිධානයට නඩු පැවරූ නීති හා රෙගුලාසි යටතේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු පිරිසටද නඩු පැවරිය යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තව දුරටත් ප්‍රකාශ කළේ ය.

No comments