Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හෝමාගම සිදුවීමට සම්බන්ධ තවත් භික්ෂූන් පහක් ඇතුළු හතකට ඇප

පසුගිය ජනවාරි 26 වැනිදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි තවත් බෞද්ධ භික්ෂූන් පස් නමක...

පසුගිය ජනවාරි 26 වැනිදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි තවත් බෞද්ධ භික්ෂූන් පස් නමකට හා කාන්තාවන් දෙදෙනකුට ඇප ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළේය.

අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනුනේ, උසාවියට අපහාස කිරීම හා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගි බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධව ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් උසාවි භූමියේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙනි.

නඩුවට සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවලට ලබා නොදිය යුතු බවත්, සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතු බවත් සැකකරුවන්ට නියෝග කෙරිණි.

රිමාන්ඩ් භාරයේ සිටි ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, අක්මීමන දයාරත්න, කිරම දේවින්ද, බියගම සුසීම, පිටිගල ධම්මවිනීත, ම‍ටුවාගල ධම්මසිරි, බෙරගල සුමන යන හිමිවරු ද චාන්දනී කුලරත්න හා රේණුකා සංජීවනී යන දෙදෙනාද එසේ ඇප මත නිදහස් කෙරිණි.

වැඩිදුර විභාගය මාර්තු 29 වැනිදාට කල් තැබිණි.

No comments