Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප්‍රේක්ෂකයින්ගේ දැඩි විරෝධය හේතුවෙන් ස්වර්ණවාහිනිය පුවතක් ඉවත් කරගනී

ඊයේ (18) රාත්‍රියේ ස්වර්ණවාහිනී "Live at 8" ප්‍රවෘත්ති වැඩසටහනෙන් විකාශය කළ "දවසේ වැරැද්ද" විශේෂාංගයට Facebook සහ Yout...

ඊයේ (18) රාත්‍රියේ ස්වර්ණවාහිනී "Live at 8" ප්‍රවෘත්ති වැඩසටහනෙන් විකාශය කළ "දවසේ වැරැද්ද" විශේෂාංගයට Facebook සහ Youtube හරහා එල්ල වුණු දැඩි ප්‍රේක්ෂක විරෝධය මත, එම මාධ්‍ය ආයතනය විසින් අදාල පුවත තම වෙබ් අඩවියෙන් ද Youtube වෙබ් අඩවියෙන් ද ඉවත් කර ඇත.

පොලිස් නිලධාරියෙකු විසින් මාර්ග නීතියක් කඩ කළ රියදුරෙකු නවත්වා ගත් විට සිදු වූ සිදුවීම අනවසරයෙන් රූගත කොට, එම වීඩියෝව තම නාලිකාවේ ප්‍රවෘත්ති වලට විකාශය කිරීමත් සමග මෙම විරෝධතා රැල්ල මතුවිය.

එම සිදුවීම අනවසරයෙන් විඩියෝ කිරීම හා විකාශය කිරීම පුරවැසියන්ගේ පුද්ගලිකත්වයට අනවශ්‍ය ආකාරයෙන් ඇඟිලි ගැසීමක් සහ, මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමක් බව ප්‍රේක්ෂකයින් විසින් අදහස් දක්වා තිබිණි.

No comments