Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යාපනයෙන් හමුවූ පුපුරන ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් (photos)

ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත යාපනය චාවකච්චේරිය ප‍්‍රදේශයේ නිවසක තිබී සොයාගත් ගිනි අවි උණ්ඩ 100ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, ක්ලේමෝ...

ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත යාපනය චාවකච්චේරිය ප‍්‍රදේශයේ නිවසක තිබී සොයාගත් ගිනි අවි උණ්ඩ 100ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4ක් සහ බැටරි තොගයත් නිසා මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ කතා අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් ඇත.

ඒ සම්බන්ධයෙන් වන නවතම මතය වන්නේ අදාළ පුපුරන ද්‍රව්‍ය තොගය ප‍්‍රභූ ඝාතනයක මුල් පියවරක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ටී. ත්වාරකේශ්වරන් ප‍්‍රකාශ කර සිටින්නේ මෙවැන්නකි.

‘‘අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළබෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා.
එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කල යුත්තේ.

මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකල ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ථ්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17ක් තිබෙනවාගඑල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවාගඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්ගඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා’’

No comments