Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නයනගෙයි ගයාත‍්‍රිගෙයි නැටිලි ඉවරයි

ක්ෂේත‍්‍රයේ හැමදාම යාළුවෝ විදිහට ඉන්න දෙන්නෙක් ඉන්නවා නම් ඒ නයනයි ගයාත‍්‍රියි කිව්වට වරදක් නෑ. මොකද දෙන්නා ඒ තරමටම යාළුවොනේ. ඉතින් මේ ක...

ක්ෂේත‍්‍රයේ හැමදාම යාළුවෝ විදිහට ඉන්න දෙන්නෙක් ඉන්නවා නම් ඒ නයනයි ගයාත‍්‍රියි කිව්වට වරදක් නෑ. මොකද දෙන්නා ඒ තරමටම යාළුවොනේ.

ඉතින් මේ කියන්න යන්නෙත් යාළුවො දෙන්නා එකතුවෙලා ගත්ත ටිකක් බරපතළ තීරණයක් ගැන.

පසුගිය දවස්වල දෙරණ ස්ටාර් සිටිවලට නයනයි ගයාත‍්‍රියි සම්බන්ධ වුණේ ගොඩක් හීන තියාගෙන නේ. ඒත් ඒ හීන ඔක්කොම වතුරෙ ගිහින්. ඒ කියන්නෙ දෙන්නම ස්ටාර් සිටිවලින් අයින් වුණා කියන එක.

ඒත් ඉතිං එක පාරටම එහෙම වුණේ කොහොමද කියන එක ගොඩක් දෙනෙක්ට ප‍්‍රශ්නයක් වුණා. කොහොමින් කොහොමහරි කතාව මේකයි, ස්ටාර් සිටි තරගයට ඒගොල්ලො සහභාගි වෙද්දි තිබුණෙ නර්තනය, ගායනය සහ රංගනය කියන ක්ෂේත‍්‍ර තුනම ආවරණය වන ආකෘතියක්ලූ.

ඒත් පහු පහු වෙන කොට නර්තනයටයි, ගායනයටයි වැඩි ඉඩක් ලැබිලා රංගනයට ලැබුණෙ අඩු ඉඩක්ලූ. ඉතින් නර්තනයට, ගායනයට එතරම් දක්ෂ නැති නයනයි ගයාත‍්‍රියි කතා කරලා තීරණයක් ගත්තලූ තරගයෙන් ඉවත් වෙන්න.

ඒත් සමහරු නම් කියලා තිබුණෙ දෙරණ එක්ක තරහා වෙලා ඒ දෙන්නා අයින් වුණා කියලා. ඒත් ඇත්තටම ඒ දෙන්නට එහෙම ප‍්‍රශ්නයක් නෑලූ. දෙරණ එක්ක ඉස්සර තිබුණ හොඳ හිත තවමත් ඒ විදිහමලූ. කවුරු මොනවා කිව්වත් අදටත් දෙරන එක්ක සහයෝගයෙන් ඉන්නවා කියල තමයි ගයාත‍්‍රි නම් කියන්නෙ. හැබැයි ඉතින් බැරි වැඩ කරන්න ගිහින් අනාගන්න ගොඩක් අයට නයනාගෙ නුයි ගයාත‍්‍රිගෙනුයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියල තමයි අපිට නම් කියන්න තියෙන්නෙ.

No comments