Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තිසුරි රංගනයට විරාමයක් තියලලූ

මේ දවස්වල නිහඬවෙලා ඇයි? අනේ නැහැ. මම නිහඬවෙලා නම් නැහැ. වෙනදා වගේම කාර්යබහුලයි. අපේ අලූත් ගෙදරට යන්න වුණු නිසා තවත් ටිකක් වැඩ වැඩිවෙලා....


මේ දවස්වල නිහඬවෙලා ඇයි?

අනේ නැහැ. මම නිහඬවෙලා නම් නැහැ. වෙනදා වගේම කාර්යබහුලයි. අපේ අලූත් ගෙදරට යන්න වුණු නිසා තවත් ටිකක් වැඩ වැඩිවෙලා.

ඔබ අලූත් ගෙදරකට ගියා?

ඔව් අපි අලූත් ගෙදරකට ගියා. කඩුවෙල පැත්තේ. ගේ දොර අස්පස්කරන කටයුතුත් එක්ක මේ දවස් ටිකක් විතර කාර්යබහුලයි. ඒ අතරේ අනුරුද්ධ ජයසිංහ අයියගෙ ටෙලි නාට්‍යයකත් රූගත කිරීම් යෙදිලා. ඉතින් මම මේ දැනුත් ඉන්නෙ අතරමඟක.

 ඔබ  කෙතරම් කාර්යබහුල වුණත් පසුගිය දවස්වල දැකපු ආකාරයට ඔබ දැන් පුංචි තිරයේ දකින්න නැහැනෙ? 

කොහොමත් හැමදාමත් මං කාලෙන් කාලෙට ටිකක් විතර රංගනයට විරාමයක් දුන්නා. එක දිගට පේන්න ඉඳිද්දි ඒක ටිකක් හරි නෑ වගේ කියලා තමයි මට හිතෙන්නෙ. කාලයක් මගේ රංගනයන් එක දිගටම විකාශය වුණා. ආයෙ ටික කාලයක් නතර කළා. ආයෙමත් මගේ දේවි ටෙලිනාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයක් එකවරම විකාශනය වුණා. දැන් ආයෙමත් ටිකක් නිහඬයි. ඉදිරියේ දී ආයෙමත් එක දිගට මාව දකින්න ලැබේවි.

ඔබ සම්මානනීය රංගන ශිල්පිනියක වුණාට පස්සෙ රංගනයෙන් ඈත් වුණේ ඇයි කියන පැනය කාගේත් සිත්වලට නැගෙනවා?

සම්මානයක් ගන්නවයි කියන්නෙ ලොකු වගකීමක්. ආවට ගියාට නිර්මාණ තෝරා ගන්නත් බැහැනෙ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. එහෙම තෝරා බේරාගෙන නිර්මාණකරණයේ යෙදුණත් වැඩවලින් නම් අඩුවක් නැහැ.

ඔබට චිත‍්‍රපට රංගනයට ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා නම් කිහිපයක්ම ලැබුණා.  ඒත් වැඩ කටයුතු අතරේ කාර්යබහුල වුණාම ඒවාට කාලය සොයාගන්න අපහසු වුණා. ඒත් ඉදිරියේ දී කාලය හොයාගෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ හැමදාමත් තනිකඩව ඉන්නමද කල්පනාව?

පිළිවෙළක් වෙන්න නම්  ඕනේ. ඒත් තාම නම් ඒ ගැන හිතලා නැහැ. එහෙම පිළිවෙළක් වෙන්න හිතුණු ගමන් ඒ ආරංචිය මුලින්ම කියන්නෙත් ඔයාලටමයි.


ඔබ පුංචි තිරයේ අහිංසකාවිය, හැමදාමත්ම අපට රංගන ශිල්පිනියක ලෙස දකින්නට ලැබේවිද?

මං රංගනයෙන් සමුගන්න එකක් නම් නැහැ. ඒත් හැම නිර්මාණයකම පෙනී සිටින එකක් නැහැ.

No comments