Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රුවන්ගි, දීපිකා පදුකෝන් වගේ කියන්නෙ ඇත්තද?

මොකෝ රුවන්ගි පේන්න නැත්තෙ? නෑ... එහෙම එකක් නෑ. ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් වෙනවා. ‘වස්සානයේ පේ‍්‍රමය’ දැන් විකාශය වෙනවා. රුවන්ගි, ...

මොකෝ රුවන්ගි පේන්න නැත්තෙ?
නෑ... එහෙම එකක් නෑ. ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් වෙනවා. ‘වස්සානයේ පේ‍්‍රමය’ දැන් විකාශය වෙනවා.

රුවන්ගි, දීපිකා පදුකෝන් වගේ කියන්නෙ ඇත්තද?

ආ... එහෙම කියනවද? මම දන්නෑනේ. (හිනා*

දැන් ගණන් උස්සලා කියලා  ආරංචියි?

ඔව්... ඒක නම් හරි. දැන් කාලෙ රූගත කිරීම්වලට පාන්දර ගියහම වැඩ ඉවර වෙන්නෙ ගොඩක් ? වෙලා. එක දවසකදි කොටස් දෙකක විතර රූගත කිරීම් කෙරෙනවා. ඉතිං අපි ඒ මහන්සියට හරියන මුදලක් ගන්න  ඕනේ. සමහර වෙලාවට ඇඳුම් පවා අපි හදා ගන්න  ඕනේ.

ක්ෂේත‍්‍රයේ අනෙක් අයට සාපේක්ෂව රුවංගි එක විදිහක් ලූ?

නෑ... මම මගේ තරම පෙන්නන්න යන කෙනෙක් නෙමෙයි. හැමෝ එක්කම සහයෝගයෙන් වැඩ කරනවා.

අලූත් අලූත් අය ක්ෂේත‍්‍රයට එන කොට ඔයාට අවුල් වගේලූ?

අනේ නෑ.. ඇයි මම එහෙම වෙන්නේ. මම හැමවෙලාවෙම කියන්නෙ අලූත් අය මේ ක්ෂේත‍්‍රයට එන්න  ඕන කියලා. දක්ෂ අයට තැන දෙන්න  ඕන කියලා.

එක එක විදිහට ඇඳුම් ඇඳලා එක එක තැන්වල ෆොටෝස් දාල ද ජනප‍්‍රිය වෙන්න යන්නේ?

(හිනා...* ඔය කියන විදිහට ෆොටෝස් දාන්න මට ෆේස්බුක් එකවුන්ට් එකක්වත් නෑ අඩුම තරමේ. මට වෙන වෙන ක‍්‍රමවලට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් නෑ. මොකද මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඉතිං මට අමුතුවෙන් ජනප‍්‍රිය වෙන්න දෙයක් නෑ.

ඉස්සරහට මොකද වෙන්නෙ?

මගේ චිත‍්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. කොච්චර වුණත් අපේ හැකියාවන් තේරුම් ගත්ත නිෂ්පාදකවරු අපිට කතා කරනවා.

No comments