Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අලුත් පරපුරේ නළු නිළියන්ට ඇඩ්රස් නැති වෙයි ද?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට රැගෙන ඒම සඳහාත් පුරවැසි බලය ඇතුළු අලුත් පරප...

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට රැගෙන ඒම සඳහාත් පුරවැසි බලය ඇතුළු අලුත් පරපුරේ කලාකරුවන් විශාල වැඩ කොටසක් කළ බව කවුරුත් දන්නවා.

ඒ නිසාම පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ අලුත් පරපුරේ නළු නිළියන්ට විශාල ප‍්‍රහාරයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කුඹුක්කැටේ ප‍්‍රදේශයේදී.

කුඹුක් කැටේ ප‍්‍රදේශයේදී අලුත් පරපුරේ නළු නිළියන්ට මදි නොකියන්න සැලකුවේ එවකට මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික.

එහෙම අලුත් පරපුරට සැලකුව කමල් ඉන්දික මන්තීවරයව ශ්රීලංක නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායක ධූරයට පත් කරන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමත් එක්ක අලුත් පරපුර රත් වෙලා දුම්මල වරම අතට අරන් කියලා තමයි අපිට ආරංචි.

දැනටමත් ඒ වෙනුවෙන් අප්රසාදය විරෝධය පළ කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා.

අලුත් පරපුරට ගැහුව කමල් නිශාන්ත මන්ත්රීවරයට ඒ වගේ වරප‍්‍රසාද ලැබෙද්දි මේ සම්බන්ධව විභාගවෙන නඩු විභාගයට සහභාගී නොවුණ නිසා සමනළී ඉන්ද‍්‍රචාපට වරෙන්තු නිකුත් කරන්න අධිකරණය පහුගිය දවසක පියවර අරන් තිබුණා.

මේ සම්බන්ධයෙන් අළුත් පරපුර ගන්න බලාපොරොත්තු වන පියවර මොකක්ද?මෙහෙම ගිහින් අළුත් පරපුරට අළුත් ආණ්ඩුවෙනුත් ඇඩ්රස් නැති වෙයි ද? බලාගෙන ඉමු.

No comments