Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සිය දිවි නසාගැනීමේ උමතුව

ප සුගිය දින කිහිපය ඇතුළත ඉන්දියාවේ නිළියක්, නිවේදිකාවක් සහ නිරූපිකාවක් සියදිවි නසා ගත්තා. මේ සිදුවීම් පෙළ එක දිගටම සිදුවීමත් විශේෂත්වයක්. ...

සුගිය දින කිහිපය ඇතුළත ඉන්දියාවේ නිළියක්, නිවේදිකාවක් සහ නිරූපිකාවක් සියදිවි නසා ගත්තා. මේ සිදුවීම් පෙළ එක දිගටම සිදුවීමත් විශේෂත්වයක්. මේ විදිහට නිළියන් සහ නිරූපිකාවන් සියදිවි නසාගන්න හේතුව මොකද්ද කියලා හොයල බලන්න අපි කල්පනා කළා.

මේ විදිහට මුලින්ම සියදිවි නසාගැනීම සිදු වුණේ මාර්තු 16 වනදා. ඇය කේ. නිරෝෂා. නිරෝෂා කියන්නේ ඉන්දියාවේ ජනප‍්‍රිය සංගීත වැඩසටහන් නිවේදිකාවක්. 16 වනදා උදෑසන සිය නේවාසිකාගාරයේ දී ගෙල වැලලාගෙන ඇය ජීවිතයට සමු දී තිබුණා. පොලිස් පරීක්ෂණවල දී නිරෝෂාගේ මවුපියන් සහ නෑදෑයන් පවසා ඇත්තේ ඇය වසර කිහිපයක සිටම සෞඛ්‍යය සම්බන්ධ ගැටලූ කිහිපයකින් පීඩා විඳි බවයි. නිරෝෂා මෙවැනි තීරණයක් ගැනීමට එකම හේතුව එය විය හැකි බව ද ඔවුන් එහි දී අනාවරණය කර තිබුණා.

කෙසේ වෙතත් නිරෝෂා මේ විදිහට සියදිවි නසාගන්න හේතු වෙලා තිබුණේ ඇගේ ආදර සම්බන්ධතාවක් නිසා බව පසුව හෙළිදරව් වී තිබුණා. කැනේඩියන් ජාතිකයකු වන සිය පෙම්වතා සමඟ බහින්බස් වීමක් නිසා නිරෝෂා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් සඳහන් වුණා.
නිරෝෂා මෙම බහින්බස් වීමෙන් අනතුරුව තමන් සියදිවි නසා ගන්නා බව තම කැනේඩියන් ජාතික පෙම්වතාට පවසා තිබෙනවා. අනතුරුව ඔහු ඒ බව ඉන්දීය පොලීසියට දැන්වීමෙන් පසු ඔවුන් එම ස්ථානයට යන විටත් නිරෝෂා සිය ජීවිතය සමු දී තිබූ බව ඉන්දීය පොලීසිය පවසා තිබුණා.

එහෙත් නිරෝෂාගේ මිය යාමට හේතුව ඇගේ පෙම්වතාදැයි මේ වන විටත් අනාවරණය කරගෙන නෑ. කෙසේ වෙතත් ඇය මිය යාමට පෙර මාසයේ දී විවාහ ගිවිස ගෙන ඇති අතර මේ මාසයේ දී විවාහ උත්සවය ගැනීමට නියමිතව තිබුණා. මිය යන විට ඇය 23 හැවිරිදි වියේ පසු වුණා.

නිරෝෂාගේ මරණයෙන් පසු දෙවන මරණය සිදු වන්නේ පසුගිය 28 වනදායි. ඇය ප‍්‍රියංකා කපූර්. ප‍්‍රියංකා කියන්නේ ජනප‍්‍රිය රූපවාහිනී නිරූපණ ශිල්පිනියක්. ඇගේ මරණයට හේතුව සිය සැමියා සමඟ ඇති කරගත් ආරවුලක් බවට පොලීසිය මේ වන විට සැක පළ කර තිබෙනවා. මිය යන විට 25 වන වියේ පසු වූ ප‍්‍රියංකා විවාහ වී ඇත්තේ  මීට මාසයකට පෙරදීයි. ප‍්‍රියංකාගේ මව  පොලීසියට පවසා ඇත්තේ විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා අතර කලක සිටම ආරවුල් පැවතුණ බවයි.

දිවි නසා ගැනීමට පෙර සටහනක් තබා ඇති ප‍්‍රියංකා එහි ලියා ඇත්තේ තම සැමියා විසින් ඇයට යහළුවන් හමු වීම තහනම් කර තිබූ බවයි. එසේම ඔහුගේ අණ කඩ කළහොත් ඇයට පහර දෙන බව ඔහු පවසා ඇති බව ද එම ලිපියේ සඳහන් කර ඇත. ප‍්‍රියංකාගේ සහෝදරිය පවසන්නේ තම මස්සිනාගේ මෙවැනි හිංසාකාරී ගති පැවතුම් තමන් කිසි දිනක දැක නැති බවයි. එසේම ඇය පවසන්නේ තම පවුලේ අය මේ විවාහයට මුලින් අකැමැති වූ බවයි. ප‍්‍රියංකා  ද ඔහු සමඟ විවාහ වීමට එතරම් උනන්දුවක් දක්වා නැතත් ඔහු ප‍්‍රියංකා පිළිබඳ උමතුවකින් සිට ඇත. ඒ නිසා සෑම උදෑසනකම මල් සහ කේක් රැුගෙන ප‍්‍රියංකා බැලීමට ඒමට අවසර දෙන ලෙස ද ඔහු ප‍්‍රියංකාගේ මවගෙන් ඉල්ලා ඇත. එසේම ඇය සමඟ විවාහ වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඔහු ඇගේ මවගේ දෙපා මුල වැඳ වැටී ඇති බව ද ප‍්‍රියංකාගේ සහෝදරිය පවසයි. ඔහු ව්‍යාපාරිකයකු වන අතර ප‍්‍රියංකා ඔහුගේ දෙවන විවාහයයි.

තුන්වන මරණය සිදු වන්නේ පසුගිය පළමු වනදා යි. ඇය ප‍්‍රට්යුෂා බැනර්ජී. ප‍්‍රට්යුෂා කියන්නේ රංගන  ශිල්පිනියක්. ඇගේ සියදිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ ද ආදර සම්බන්ධයක් බවට ඉන්දීය පොලීසිය පවසා තිබෙනවා. ඇය රංගනයෙන් එක් වූ ‘බාලිකා වාධු’ රූපවාහිනී ටෙලි නාට්‍යය හරහා හෙතෙම ජනප‍්‍රියත්වයට පත් වුණා. මේ හේතුවෙන් ඇයගේ මරණයෙන් දිනකට පසු ප‍්‍රශ්න කිරීම සඳහා ඇගේ පෙම්වතා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඇය රාහුල් රාජ් සිං යන ඇගේ පෙම්වතා සමඟ ජීවත් වී ඇති අතර පසුගිය සිකුරාදා (01*  ඔවුන් අතර සිදු වූ ගැටුමකින් අනතුරුව නිවසේ විදුලි පංකාවේ එල්ලී ඇය සියදිවි නසාගෙන තිබුණා. ඒ සමඟම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබුණා.
පසුගිය දින 20ක පමණ කාලයක් අතරතුර ඉන්දියාවේ රංගනයට හා කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ තිදෙනකු මිය ගියේ ඒ ආකාරයටය.

No comments