Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දෙහිවලදී තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටීම පිළිබඳ සත්‍ය පුවත

දින කීපයකට පෙර තරුණියන් දෙදෙනෙක් දෙහිවලදී දුම්රියේ ගැටී මියගිය පුවත ඔබට මතක ඇති. එම අනතුර සිදුවීමට බලපෑ හේතුව ලෙස පොලිසිය දක්වා තිබුණේ, දැරි...

දින කීපයකට පෙර තරුණියන් දෙදෙනෙක් දෙහිවලදී දුම්රියේ ගැටී මියගිය පුවත ඔබට මතක ඇති. එම අනතුර සිදුවීමට බලපෑ හේතුව ලෙස පොලිසිය දක්වා තිබුණේ, දැරියන් දෙදෙනා headphones පැළඳ සිටීම. නමුත් එම සිදුවීම වන අවස්ථාවේ එහි සිටි පිරිසත්, CCTV දර්ශන පරීක්ෂා කළ අධිකරන වෛද්‍ය නිලධාරියාත් කියන ආකාරයට ඔවුන් headphones පැළඳ සිට නැහැ.
මේ එම සිදුවීම බලාසිටි ඔවුන්ගේ මිතුරෙක් කියනා කතාව. ඔහු මේ කතාව කිව්වේ ඉංග්‍රීසියෙන් නිසා අප එය සිංහලට පරිවර්ථනය කළා. ඔහු එවූ පණිවුඩයත් පහත සඳහන්.

"ඉමේෂි ( මියගිය එක් තරුණියක් ) ඇයගේ පෙම්වතා 'ශාමිකගේ' උපන්දිනය සඳහා ඔහුව පුදුම කරවන්න ඔහුට හොරෙන් උපන්දින සාදයක්  සංවිධානය කළා.
ඇය ඔහුගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් අරන් කිව්වා, "ජේසන් ඔයාට බර්ත්ඩේ පාටි එකක් සූදානම් කරලා තියනවා ශාමික, ඔයා දෙහිවල මුහුදු පැත්තේ තියන 'Barracuda place' එකට එන්න " කියලා.
මම ඉමේශිවයි, ශරෝන්වයි, ශාමිකගේ මල්ලිවයි වැල්ලවත්තෙන් කාර් එකට දාගෙන 'Barracuda' එකට එයාලව එක්කන් ගියා.
අපි එතනට ගිහින් කාර් එක නවත්වනවාත් එක්කම වගෙ 'ශාමික' එනවා දැකපු ඉමේශි, " අපි ඉක්මනට අනිත් පැත්තට (Barracuda එක තියන පැත්තට) යමු " කියලා ශරෝන් එක්ක යන්න ලැහැසිති වුනා.
මන් එයාලට කිව්වා " මං කාර් එක පාක් කරලා එනකම් ඉන්න අපි එකට යමු " කියලා,
ඒත් එයාලා දෙන්නා මට කිව්වේ "ජේසන්, ඔයා එනවා කියලා 'ශාමික' කොහොමත් දන්නවා, එයා ඔයාව දැක්කට ප්ර්ශ්නයක් නෑ, හැබැයි එයා අපි එනවා කියලා දන්නේ නැහැනේ ජේසන්, ඒ නිසා අපි එහා පැත්තට ගිහිල්ලා ලැහැස්ති වෙලා ඉන්නම් "ශාමික'ව සුර්ප්‍රිසෙ කරන්න " කියලා ඉමේෂියි, ශරොනුයි ඡර් එකෙන් බැස්සා.
ඒ එක්කම මම එහෙම්ම ගියා කාර් එක පර්ක් කරන්න. මන් එවෙලේ දැක්කා කෝච්චියක් යනවා. ඒත් මන් කිසි දෙයක් දැනන් හිටියේ නැහැ.
පස්සේ මම කාර් එකෙන් බැහැලා Barracuda එක පැත්තට ඇවිදන් යද්දී කොච්චිපාර ළඟ 50 දෙනෙක් විතර කෝච්චිය වට කරගෙන ඒ දිහා බලං හිටියා.
මට තේරුනා කව්‍රුරු හරි හැප්පිලා කියලා.
මන් එතන හිටපු අයගෙන් ඇහුවා " අනේ දෙවියනේ ගෑණු දෙන්නෙක්ද ? " කියලා.
ඒත් කව්රුත් කිසිම දෙයක් කිව්වේ නෑ.
මන් ආයෙත් කෑගහලා ඇහුවා " ගෑණු දෙන්නෙක්ද ඕයි කියපන්? " කියලා.
එතකොට එතන හිටපු කෙනෙක් " ඔව් " කියලා කිව්වා.
මට එකපාරට " තාත්තේ..." කියලා කෑ ගැහිලා ඇඬුනා.
ඒ ගමන්ම මං දැක්කා ශාමික පාරෙ මං ඉන්න දිහාවට විරුද්ධ පැත්තෙන් ඇවිදන් යනවා. මම ශාමිකට කතා කරලා කිව්වා "ඒ හැප්පිලා ඉන්නේ ඉමේෂියි, ශරෝනුයිද කියලා බලපං " කියලා.
ශාමික කෑ ගහපු හැටියට මට තේරුනා ඒ හැප්පිලා තියෙන්නේ එයාලා දෙන්නා කියලා.
ඉමේශිගේ ඇඟේ කෑලි හොයාගන්න බැරිවුනා. ශරෝන්ට නම් ලොකුවට හානියක් වෙලා තිබ්බේ නැහැ.
මම එතන හිටපු අයට ඇහුවා " මං ළඟ කාර් එකක් තියනවා, මෙයාලව දාගෙන අපි හොස්පිටල් අරන් යමුද ? " කියලා.
එතකොට එතන හිටිය අයියා කෙනෙක් " මල්ලි දෙන්නම ඉවරයි " කියලා කිව්වා.
මට එතනම වමනේ ගියා. ශාමිකටත් එහෙමයි.
මෙව්වා සිදුවෙද්දී ශාමික එනකං සුර්ප්‍රිසෙ භිර්ත්ඩය් ඵර්ට්ය් එක දෙන්න බලං හිටපු ශාමිකගේ යාලුවෝ ටිකයි ඉමේශිගේ යහළුවෝ ටිකයි දුවගෙන එනවා මන් දැක්කා.
ඇත්තටම අදහගන්න බැරි දෙයක් සිද්ද වුනේ. අපේ තාත්තා ඇවිත් මාව එතනින් අරන් ගියා.
මන් තාම නිදාගත්තේ නැහැ. මට හිතා ගන්න බැහැ එතන වුනදේ "

Imeshi.planned a surprise party for Shamika her guy my class mate and we got Shamika to come there saying its jasons surprise birthday party and he came there.
I picked imeshi Sharon and Shamikas brother in my car from wellawatte and i went to barracuda and they were like Shamika is coming we'll jump quick and i said wait for me I will come with you guys and they were like no no you come dont worry even if he sees you no problem because he knows that your coming nuh I said wait go with me and she was like " api yannam oya enne" den imeshi and Sharon got down and closed the doors. And i went infront to park the car and i saw a train going.. But i didnt know anything. Den I got down went towards barracuda and there were about 50 people looking at the train and then i asked Omg gaanu dennek da? And they didnt reply and i asked dem again "ganu dennek da oi kiyapan" and one guy said yes and i shouted "daddy" and i cried and i called Shamika who was walking towards the opposite side and got him to check and he shouted and i knew it was them the way he shouted. Imeshi body is nothing. Sharons body was ok. So i asked them I have a car we'll take her and go and one guy said Malli dennama iwarai den I vomited I couldn't take it and Shamika vomited and the other friends who were waiting for Shamika came running outside 😰 it was a blody mess and i got daddy there and thats it... I couldn't sleep I am still in shock


No comments