Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Gucci සමාගම දැන්වීමක් නිසා ඇන ගනී

ඡා යාරූප දැන්වීම් කියන්නේ සන්නාමයක් ජනප්‍රිය කරවා ගැනීමට සුවිශේෂී මාර්ගයක් ලෙසින් නම් කරන්නට හැකියිග සිනමාපට වගේම මෙවැනි දැන්වීම් ද කපා කො...

ඡායාරූප දැන්වීම් කියන්නේ සන්නාමයක් ජනප්‍රිය කරවා ගැනීමට සුවිශේෂී මාර්ගයක් ලෙසින් නම් කරන්නට හැකියිග සිනමාපට වගේම මෙවැනි දැන්වීම් ද කපා කොටා දමමින්ල තහනමට ලක්කරන වාරණ මණ්ඩල පවතින බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.

Gucci දැන්වීමකින් වැරදි පණිවිඩයක් සමාජගත වන බවට තීරණය කළ එක්සත් රාජධානියේ The Advertising Standards Authority (ASA) එම දැන්වීම වාරණය කර තිබෙනවා.

මේ Gucci දැන්වීමේ පෙනී සිටින්නේ අතිශය සිහින් සිරුරකින් හෙබි නිරූපිකාවක්.
 මීට එරෙහිව එල්ලවන චෝදනවා වී තිබෙන්නේ අතිශය සිහින් සිරුරක් තිබෙන මේ නිරූපිකාව දැන්වීමේ පෙනී සිටින ආකාරය අනුව  කාන්තාවන්ගේ හා තරුණියන්ගේ ආත්ම විශ්වාසයට හානියක් විය හැකි බවයි.

 ASAහි තීරණය වෙන්නේ දැන්වීමේ පෙනී සිටින නිරූපිකාවගේ වෙස්ගැන්වීම හා ඇගේ සිහින් සිරුර නිසා  ඇගේ පෙනුම තවදුරටත් කෘෂ වී පෙනෙන බැවින් මෙය වගකීම් රහිත දැන්වීමක් බවයි.

මෙම දැන්වීම වයස්ගත ප්‍රේක්ෂකයින්ව ඉලක්ක ගතකරමින් නිර්මාණය වූවක් වන නිසා මෙහි පෙනී සිටින නිරූපණ ශිල්පිනිය සිහින් සිරුරකින් යුතු කෙනෙකු වීම නොවැළැක්විය හැකි බව Gucci සමාගම ප්‍රකාශ කරනවා.

කෙසේවුවත්ල මෙම ඡායාරූපය පිළිබද ප්‍රකාශ කරන ASA  දිගින් දිගටම පවසන්නේ මෙය වගකීම් සහගත නොවන බවයි.

මෙම දැන්වීම 2015 වසරේදී  The Times  වෙබ් අඩවියේ පළවී තිබුණා.

ASA මගින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන Gucci සමාගම  පවසන්නේ
 කිසිදු දැන්වීමක සිහින් සිරුරකින් යුතු නොවන බවත් ඔවුන්ගේ මේක්අප් අසාමාන්‍ය නොවන බවත් සාමාන්‍ය ලෙස පවතින නිසා  මෙම නිරූපිකාව සෞඛ්‍ය සම්පන්න අයුරින් පෙනී සිටින බවයි

අතිශය සිහින් සිරුරින් යුතු කාන්තාවන් පෙනී සිටි නිසා Yves Saint Lauren  නම් ප්‍රංශ විලාසිතා සන්නාමය ද එක්සත් රාජධානියේදී තහනමට ලක්කර තිබෙනවා. මෙහිදී අතිශය සිහින් පාද තිබෙන සහ කොන්ද ප්‍රදේශයේ සිහින් බව පෙනෙන නිරූපිකාවක් සිටින නිසා එය තහනමට ලක්කර තිබෙනවා.

  Prada සන්නාමයට අයත් දැන්වීමක ළමා පෙනුමක් තිබෙන නිරූපිකාවක් රාගාන්විත ලෙස පෙනී සිටීම නිසා  එය ද ASA  මගින් පසුගියදා  තහනමට ලක්කර තිබුණා.

වින්ද්‍යා ගම්ලත්

No comments