Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අස්ගිරි මහ නාහිමි තේරීම අද

ශ්‍යාමෝපලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ 22 වන මහා නාහිමි පත් කර ගැනීම, අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික උපෝසථාගාරයේ දී අද  සිදු කිරීමට නියමිතය. ...

ශ්‍යාමෝපලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ 22 වන මහා නාහිමි පත් කර ගැනීම, අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික උපෝසථාගාරයේ දී අද  සිදු කිරීමට නියමිතය.

එම කර්තව්‍යය සඳහා අද පස්වරු 03.00ට භික්ෂූන් වහන්සේලා උපෝසථාගාරයට ‍රැස්වීමට නියමිතය.

අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍යය ගලගම ශ්‍රී  අත්ථදස්සී නා හිමියන් ඉකුත් මාර්තු මස 09 වැනි දා අපවත්වීම හේතුවෙන් එම තනතුර මෙතෙක් දින හිස්ව තිබිණි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට අනුනායක ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉදිරිපත්ව සිටිති.

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සහ බදුල්ල, මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ඒ අනුව මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දී ඇත.

No comments