Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

IPගෙ කටඋත්තරෙන් පොලිස් ලොක්කන්ටත් වැඩ වරදින ලකුණු

ව සීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් වන සාක්ෂි වසන් කරන්න යැයි නාරාහේන්පිට පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථාධිපතිවරයාට ඉහළ පොලිස් නිලධාරින් කිහි...


සීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් වන සාක්ෂි වසන් කරන්න යැයි නාරාහේන්පිට පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථාධිපතිවරයාට ඉහළ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අපරාධ දෙපාර්තමේන්තුව එසේ ප‍්‍රකාශ කළේ ඊයේ (22) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු දක්වමින්.

තාජුඞීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා විමර්ශන සිදුකරන ලෙස ඉහළ පොලිස් නිලධාරින් නාරාහේන්පිට පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අදාළ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය.

No comments