Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක - මැයි රැුලියට ශාලිකාවත් නැති වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාලිය ආරම්භ කිරීම ස`දහා වෙන්කර තිබූ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ඒ ස`දහා ලබා දිය නොහැකි බව හදිසියේ දන්වා ...

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාලිය ආරම්භ කිරීම ස`දහා වෙන්කර තිබූ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ඒ ස`දහා ලබා දිය නොහැකි බව හදිසියේ දන්වා ඇත.

අදාළ දැනුම් දීමත් සමග තමන්ට වූ අපහසුතාව සම්බන්ධයෙන් ශාලිකා ක‍්‍රීඩාංගණය අයත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව එන්තරවාසියක් යවා රුපියල් කෝටි 2ක වන්දියක් ඉල්ලන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය පවසයි.

වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවිය යුතු බවත් එසේ නොවුණ හොත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නඩු පවරන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය කියා සිටී.

මේ අතර මෙවර මැයි දිනයේදී තමන් සහභාගි වන්නේ ඒකාබද්ධ විපක්ෂය කිරුළපන දී පවත්වන රැුලියට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) තහවුරු කළා.

No comments