Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනේ... මම අහිංසකයි මාව TNL එකෙන් අයින් කළා - මධුමාධව අරවින්ද

මොකද මේ දවස්වල නාලිකාව වෙනස් වෙලා?  මං මේ දවස්වල සෙනසුරාදා ? 9.30ට 'Chat With Madu' කියලා CSN නාලිකාවේ වැඩසටහනක් කරනවා. එදා TNL එ...

මොකද මේ දවස්වල නාලිකාව වෙනස් වෙලා? 
මං මේ දවස්වල සෙනසුරාදා ? 9.30ට 'Chat With Madu' කියලා CSN නාලිකාවේ වැඩසටහනක් කරනවා. එදා TNL එකේ කළා වගේම කලාකාරයෝ එක්ක ගෙවිලා යන අපූරු පැය කිහිපයක්.

ඇයි ඉතින් එහෙම වෙනසකට යන්න හිතුවෙ?
එක දිගටම එක ආයතනයක කවුරුත් වැඩ කරන්නෙ නැහැනෙ. ඒක බොහොම සාමාන්‍ය කාරණාවක්. මම පසුගිය වසර කිහිපයක් ඔභඛ නාලිකාවෙ මේ වැඩසටහන කළා. ඒ දවස්වල එයාලාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. නමුත් එකම තැනක ඉන්න  ඕනෙ නැහැනෙ. හැම නාලිකාවක්ම, පත්තරයක්ම අපට අයිතියි. එකකට කොටුවෙලා ඉන්නෙ නැහැ.

ඒත් සමහරු නම් කියන්නෙ මධූව TNL නාලිකාවෙන් අයින් කරලා කියලා?
එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒත් ඒවා මහා ලොකු දේවල් හැටියට ගන්නෙ නැහැ. මේක ආයතනික ප‍්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. පරිපාලනය කරන තැන්වලින් එන නියෝග. නමුත් සෙවණ දුන්නු ගහට ගලක් ගහන පුරුද්දක් මට නැහැ. කොහෙත්ම මාව අයින් කරපු හේතුව නම් දන්නෙ නැහැ. ඒක එයාලාගෙන්ම අහන්න වෙනවා. කොහොම වුණත් TNL එකෙන් මාව අයින් කළා.

මේ දවස්වල කලා කටයුතු කොහොමද?
කාලෙකට පස්සෙ මගේ අලූත් ගීතයක රූප රචනාව සිද්ධ වුණා. සිංහල අලූත් අවුරුද්දට ඒක දැකගන්න පුළුවන් වෙයි. දෙරණ නාලිකාවෙ වැඩසටහන කරනවා. ඒ අතරට මම මේ දිනවල පොතක් ලියාගෙන යනවා.

දේශපාලන කටයුතු නිසා පසුගිය කාලේ මධූගෙ නිර්මාණ කටයුතු අතපසු වුණා?
සත්තකින්ම, මේක නගර දෙකක්. දේශපාලනය කියන්නෙ පොළොවෙ පය ගහපු ජීවිතයක් වුණත් සමහර වෙලාවට භයානක දේ සිදුවෙනවා. කලාව ඇතුළෙ දැනෙන්නෙ හුළඟක් වගේ. මේ ටිකේ මම සනීප ගන්නවා. මේ නිවාඩු කාලෙ රැුඳිලා ඉන්න හොඳම තැන තමයි කලා ලෝකය. මේ දවස්වල ඒ ලෝකෙට වෙලා මලක් වගේ ඉන්නවා. දේශපාලනය මගේ ජීවිතය හා සමානයි. ඒත් මේ දිනවල කලා ලෝකයේ නැටුම් ගැයුම් මැද මං පොඩි විරාමයක් ගන්නවා.

පසුගිය දවස්වල මේනකා සම්බන්ධව ඔබට ලොකු කතාවක් නිර්මාණය වෙනවා?
මේ ක්ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්න කාටත් කතා හැදෙනවා. ඒවා හරි අහිංසක දේවල්. සාමාන්‍ය ගෙයක් ඇතුළෙ මේ කතා ලොකු දෙයක් වුණාට කලා ලෝකයට මේවා සාමාන්‍ය දේවල්. අපි එකට කෝපි එකක් බිව්වොත්, රංගනයක යෙදුණොත්, ගමනක් ගියොත් එතැන ලොකු කතාවක් හැදෙනවා. මම ඔය දේවල් ගැන හිතන්නෙ නැහැ. ඒත් කටකතා තියෙන තාක් කල් අපට දැනෙනවා අපි ජීවත් වෙනවා කියලා. ඵල නැති අඹ ගස්වලට කවුරුත් ගල් ගහන්නෙ නෑනෙ. ඒත් අඹ ගහ අඬ අඬා ඉන්නෙ කවුරුත් ඇයි මට ගල් ගහන්නෙ නැත්තෙ කියලා. ගහන ගහන ගලක් ගානේ අඹ ගහ සතුටු වෙනවා, තාමත් මගේ ගහේ මල් පීදෙනවා කියලා. ඒ වගේ තමයි මා ගැනත් කතා හැදෙනවා. හොඳට වගේම නරකටත් ඔය කට කතා නතර වුණු දවසට අනේ මං මැරෙයි. පණ අදින වෙලාවෙදිත් කට කතාවක් හැදෙනවා නම් අනේ ඔය මධූ කරන්නෙ බොරුවක්ය කියලා එදාටත් මම සතුටින් ඇස් දෙක පියා ගනීවි.

නිල්මිණිත් එක්ක ආයෙමත් එකතු වෙන්න අදහසක් තියෙනවද?
අපි දෙන්නා වෙන්වෙලා ගොඩක් කල්. ඒත් අපි දෙන්නට වෙන්වෙන්න බැරි තැනක් තියෙනවා. ඒ අපේ දුව ස්නේහා. මං හැමදාමත් කියන්නෙ ලෝකෙ ඉන්න හොඳම අම්මා නිල්මිණි. මං හිතන්නෙ හොඳම තාත්තා මං. මගේ ¥ සම්බන්ධව අපි දෙන්නා කවදත් කතා කළා. හෙටත් ඒකෙ වෙනසක් නැහැ. ඒත් දැනට නම් අපි, අපි දෙන්නා වෙනුවෙන් එහෙම එකතුවෙන තීරණයක නැහැ. අනාගතය ගැන කියන්න බැහැ.


No comments