Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිදහස් පක්ෂය දෙකඩ වෙයි? [VIDEO]

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර‍සන්න රණතුංග විසින්, ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි දින පෙළපාලියක් පැවැත්විය යුතු බව පවසන ලදී...

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර‍සන්න රණතුංග විසින්, ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි දින පෙළපාලියක් පැවැත්විය යුතු බව පවසන ලදී.

ඊයේ  මිනුවන්ගොඩදී පවත්වන ලද, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන සහ එම වැඩසටහනට සහාය පළ කරන උද්ඝෝෂණයකට එක්වෙමින් රණතුංග මේ බව ප්‍රකාශ කළේය.

තමා ආණ්ඩුව සමග වැඩ කිරීමට සූදානම් වුවද, ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සහයෝගය ලබා දීමට නොහැකි බව මන්ත්‍රීවරයා පැවසී ය.

කෙසේ වෙතත්, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩිලාන් පෙරේරා  ප්‍රකාශ කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනම මැයි රැළියකට එක්වීම වැලැක්වීමට කටයුතු කරන බවයි.

No comments